ආසියානු නිෂ්කාශන සංගමය හරහා ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු කිරීමෙන් වළකින ලෙස බංගලාදේශයේ මහ බැංකුව වන බංග්ලාදේශ බැංකුව එරට බැංකුවලට උපදෙස් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මහ බැංකුවේ විදේශ විනිමය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව චක්‍රලේඛයක් නිකුත් කර එය බැංකුවල ඉහළ විධායක නිලධාරීන් වෙත යවා ඇති බව ද එම මාධ්‍ය වාර්තා කරයි.
ආසියානු නිෂ්කාශන සංගමය (ACU) යනු සහභාගී වන රටවල් අන්තර් කලාපීය ගනුදෙනු සඳහා ආනයන ගෙවීම් පියවන වැඩපිළිවෙළකි.
බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, ඉරානය, මාලදිවයින, මියන්මාරය, නේපාලය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව ටෙහෙරානයේ මූලස්ථානය ඇති ACU හි සාමාජිකයින් වේ. මෙහිදී කරන ආයනය සඳහා ඒ ඒ රටවල මහ බැංකු මාස දෙකකට වරක් ගෙවීම් කළ යුතුය.
ඕනෑම බංග්ලාදේශ බැංකුවකට ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවක් සමඟ ගනුදෙනුවක් පියවීමට අවශ්‍ය නම්, ACU පද්ධතිය නොසලකා හැරීමෙන් එය කළ හැකි බව වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබේ.