විදේශ ආධාර වලින් ගොඩනැගිලි සහ පාරවල්ම හැදීම වහාම නතර කළ යුතුයි
විදේශ ආධාර යටතේ ලැබෙන මුදල් වලින් ගොඩනැගිලි ඉදිකිරීම හා මාර්ග ඉදිකිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කරන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පළාත් බලධාරීන් හමුවේ අවධාරණය කළාය.
එම මුදල් හරහා රටේ අනවශ්‍ය ගොඩනැගිලි බොහොමයක් ඉදිවී ඇති බවත්, ඒවායින් නිසි ප්‍රයෝජනයක් නොලැබෙන බවත් ආණ්ඩුකාරවරිය කීවාය.
මේ හරහා සිදුව ඇති එකම වාසිය නම් ඉදිකිරීම් කොන්තරාත්කරුවන් පොහොසත් වීම පමණක් බවත් ආණ්ඩුකාරවරිය දැඩිව කියා සිටියාය.
ලෝක බැංකු ආධාර යටතේ නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘතීන් පිලිබඳව ලෝක බැංකු නියෝජිතයින් දැනුවත් කිරීමේ විශේෂ හමුවකට ඊයේ (26) පස්වරුවේ ත්‍රිකුණාමලය පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී එක් වෙමින් ඇය මේ බව කියා සිටියාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ආණ්ඩුකාරවරිය මෙසේද කීවාය.
“ ලෝක බැංකු ආධාර යටතේ ලැබෙන මුදල් වලින් වඩාත් පහසු ව්‍යාපෘතිවලට යන්න. ඉදිකිරීම් පස්සේම යන්න එපා. අපට පුරුදු වෙලා තියෙන්නෙ කොහෙන්හරි සල්ලි ටිකක් ආවාම ගොඩනැගිල්ලක් හදනවා, එහෙම නැත්නම් පාරවල් හදනවා, එහෙම නැත්නම් කොන්ක්‍රීට් කරපු පාරක් උඩින් තාර හරි දානවා. මෙච්චරකල් අපි පුරුදු වෙලා හිටියෙ එහෙම කරන්න. මේවාගේ ප්‍රතිවිපාක දැන් අපිට ලැබිලා තියනවා. ඒ නිසා මින් ඉදිරියට එහෙම කරන්න එපා.ජනතාවගේ ජීවනෝපාය දියුණුකරන ඕනතරම් ව්‍යාපෘති තියනවා. එවැනි ව්‍යාපෘති සඳහා කඩිනමින් යොමු වෙන්න” යැයිද ආණ්ඩුකාරවරිය පැමිණ සිටි පළාත් පාලන ආයතන ප්‍රධානින් හමුවේ කීවාය.
popular news
-
LGPJ Saturday, 29 October 2022 01:14 AM
How to depend on Government linked contractors ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
