යාපනය ඩෙල්ෆ් මුහුදු තීරයට දකුණෙන් වූ මුහුදු තීරයට අනවසරයෙන් ඇතුලුවී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමගින් ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු ඊයේ (26දා) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
මෙම වසරේ (2022) ජනවාරි සිට ඔක්තෝම්බර් මස දක්වා ගතවූ කාලය තුලදී පමණක් ශ්‍රීලංකා මුහුදු තීරයට ඇතුලු වී අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 196 දෙනෙකු සමග යාත්‍රා 26 ක් අත්අඩංගුවට ගෙන ඇති බවට නාවික හමුදාව සඳහන් කළේය.
ඉන්දීය ධීවරයින් විසින් ඩෙල්ෆ් මුහුදු තීරයට ඇතුලු වී මසුන් අල්ලමින් සිටියදී උතුරු නාවික විධානය සහ වෙරලාරක්ෂක නිලධාරීන් විසින් අදාල ඉන්දීය ධීවරයින් මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදුවිය.
ඉන්දීය ධීවරයින් සහ ධීවර යාත්‍රාව සමගින් ඔවුන් විසින් අල්ලා තිබූ මසුන් සමගින් ධීවර ආම්පන්නද නාවික හමුදා භාරයට ගෙන කන්කස්න්තුරයට රැගෙනවිත් මයිලඩි ධීවර පරික්ෂක කාර්යාලය වෙතට භාරදීමට නාවික හමුදාව පියවර ගනු ලැබීය.
