වාහනයට ඔරොත්තු නොදෙන අකාරයට මහෝගිනි දැව කඳන් පටවා ගත් ලොරි රථයක් කෑගල්ල නගරය මග හැර ගමන් කර හැකි කොළඹ නුවර අතුරු මාර්ගයේදි දැව පැටවු පැත්ත පහත් වි රියදුරා සිටින එංජිම සහිත කොටස ප්‍රධාන මාර්ගයේ මෙලෙස උඩ ගොස් තිබුණේ අද (27දා) පස්වරුවේ එම මාර්ගයේ ධාවනය වන අතරවාරයේදිය.
අරණායක ප්‍රදේශයේ සිට මෙම දැව කඳන් මොරටුවට රැගෙන යන අතරවාරයේදි පස්වරු 2.45 ට පමණ මෙම ලොරි රථය මෙම සිදු විමට මුහුණ පා තිබුණි. නාය ගිය සාමසර කන්ද සහ මේ රට බිහිසුණු ඛේදවාචකයන් රැසක් ඇති වු අරණායක මාවනැල්ල අවට දෛනිකව මෙලෙස විශාල වශයෙන් දැව කඳන් ව්‍යාපාරයක් වශයෙන් සිදු කරන්නේ මහ විශාල පරිසරික හානියක්ද ඇති කරමින්ය.
පරිසර සංවිධාන රැසක් මෙම ප්‍රදේශ වල නිරන්තරයෙන් සිදු වන දැව ව්‍යාපාරය නිසා සිදු වන පරිසර හානිය පෙන්වා දුන් නමුත් පරිසර ගවේෂණයකින් තොරව ගස් කොළන් කපා දැමිම නිරන්තයෙන් සිදු වෙයි. මේ දක්වාම අරණායක මාවනැල්ල ප්‍රදේශිය ලේකම් කාර්යාල වලින්ද මේ ගැන කිසිදු ගවේෂණයක් නොකරන අතර අද වන විටත් මේ නිසා ස්භාවික විපත් සමහර ප්‍රදේශ වල ඇති වි ඇත.
ගස් කිහිපයකට දැව බලපත්‍ර රැගෙන ඒ ඔස්සේ රක්ෂිත වන ප්‍රදේශ වල පවා ගස් කපා දැමිම සිදු වන අතර ඒ අතර අම්බුළුවාව, අරණායක අවට කදු සහිත රක්ෂිත කොටස් හැදින්විය හැකිය. දැව කඳන් පැටවිමේදි සමහර ප්‍රදේශ වල ග්‍රාම නිලධාරීවරුන්ට ව්‍යාපාරිකයා විසින් එක් කොට ලොරියකට රුපියල් 5000 ක් ලබා දෙන බවද කියති.
එමෙන්ම සමහර විශාල දැව කඳන් පටවනු ලබන්නේ ප්‍රධාන මාර්ග වල නිසා රජය විසින් සකස් කර ඇති මාර්ගද හානියට ලක් වන අතර සමහර ගම් වල අතුරු මාර්ග දැව කඳන් පටවා ගත් ලොරි රථ ගමන් කිරිම නිසා කැඩි බිදි ගොස් ඇති අතර ඒ වෙනුවෙන් ජනතාවට කතා කිරිමට නොහැකි වි ඇත්තේ මෙම ව්‍යාපාර වල නිරත වන පුද්ගයන් ඒ වෙනුවෙන් නිතීය සිදු කරන අයට මුදල් විසි කිරිම නිසා බව ජනතාව කියති.
සමන් විජය බණ්ඩාර

