පුත්තලම නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයකුගේ නිවසේ ගබඩා කර තිබු ඩිසල් ලීටර් 212ක් සමග මන්ත්‍රීවරයා අද (3දා) අත්අඩංගුවට ගත් බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.
ලාෆ් ගෑස් සමාගම සඳහා ගෑස් තොගයක් රැගත් නෞකාවක් හෙට (4දා) මෙරටට ළගාවීමට නියමිත බව වාර්තා වේ.
Read Moreගෑස් තොගය අවසන් වීම නිසා නැවත දැනුම් දෙන තුරු ගෑස් සැපයීම නවතන බවත් ගෑස් ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ලිට්රෝ ගෑස් සමාගම සඳහන් කරයි.
Read Moreදොම්පේ මල්වාන මාපිටිගම ප්‍රදේශයේ අක්කර 16ක ඉඩමක් මිලට ගෙන එහි සුවිශාල නිවෙසක් සහ නාන තටාකයක් ඉදිකර ගොවිපොළක් පවත්වාගෙන යමින් රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් නීතිපති විසින් අධිචෝදනා තුනක් යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නිඩේෂන් එරෙහිව පවරා ඇති නඩුවෙන් එම විත්තිකරුවන් දෙදෙනා නිදොස් කර නිදහස් කිරීමට ගම්පහ පූර්වගාමි මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා නියෝග කළේය.
Read Moreකොරියානු රැකියා සදහා සුදුසුකම් ලබා ඇති 5800ක් ඉදිරි මාස හය ඇතුළතදී කොරියාවට ගෙන්වා ගන්නා බවට කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ සහ මෙරට නේවාසික නියෝජිත ලී චූ චුල් මහතා සහතික වූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.
Read Moreකටුනායක ගුවන් තොටුපලේ නව මගී පර්යන්ත සංකීර්ණයේ ඉදිකිරීම් බරපතළ ලෙස ප්‍රමාද වීම සම්බන්ධව එම ඉදිකිරීම් කොන්ත්‍රාත් සමාගම්වලට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සිය බලවත් අප්‍රසාදය පළ කළේය.
Read Moreඅලුත්ගම, මොරගල්ල, මරදාන පාරේ අද (03දා) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් එක්දරු පියෙකු මියගොස් ඇතැයි අලුත්ගම පොලිසිය පවසයි .
Read Moreආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ යන මහත්වරුන් ඊයේ (02දා) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූහ.
Read Moreනියාගම ගොවිජන සේවා මධ්‍යස්ථානයට කඩාවැදුණු තිදෙනෙකු එහි මුරකරු බිය ගන්වා පොහොර ගබඩාවේ තිබු පොහොර කොට්ට 14ක් සොරකම් කරගෙන ගොස් ඇති බව පිටිගල පොලිසිය පවසයි.
Read Moreකටුනායක ගුවන්තොටුපොළ සිට රුසියාවේ මොස්කව් බලා ඊයේ (02දා) දහවල් 12.50 ට පිටත්වීමට නියමිතව තිබූ එස්. යූ. 289 දරන රුසියාවේ එරොෆ්ලොට් ගුවන් සේවයට අයත් යානයක් කොළඹ වාණිජ මහාධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනුව කටුනායක ගුවන්තොටුපොළේ රඳවාගෙන තිබේ.
Read Moreසියලුම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග ප්‍රමාණවත්ව පවත්වාගෙන යමින් භාණ්ඩ හිඟයක් ඇති නොවීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දෙයි.
Read Moreඑක්සත් ජනපද නායකයා විශ්වාස කරන ආකාරයට ඔහුට රුසියාවෙන් කුණු කොල්ලයට ඉන්ධන ලබාගැනීමට අවස්ථාවක් නොලැබෙනු ඇති බව රුසියාව අවධාරණය කරයි.
Read Moreජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං මහතා අතර හමුවක් සිදුවිය. ඒ ඊයේ (02දා) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදීය.
Read Moreමෙම රටවල් ගෝලීය ආහාර වෙළෙඳපාළට ක්ෂණිකව නැවත ඒකාබද්ධ කිරීම හැර ගෝලීය ආහාර අර්බුදයට වෙනත් විසඳුමක් නොමැති බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසයි.
Read Moreසමගි ජන බලවේගය වත්තල ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස හිටපු විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයෙකු වූ නියෝමාල් පෙරේරා මහතා අද (02) පත් කරනු ලැබීය.
Read Moreයුක්රේනය වෙනුවෙන් සටන් කරන මුළු විදේශිකයන්ගේ සංඛ්‍යාව අඩකට ආසන්න වී ඇති බව අනාවරණය වෙයි.
Read Moreරටට වගකියනු ලබන විපක්ෂයක් ලෙස රටේ සියලු පුද්ගලයක් සම්බන්ධ කර ගනිමින් දැවැන්ත වගා සංග්‍රාමයක් ක්‍රියාත්මක කරන බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreමෑත කාලීන කොන්දේ සැත්කමකින් පසුවත් ඔහුට දැනුණු අඛණ්ඩ වේදනාව ගැන වෛද්‍යවරයාට දොස් පවරා මීට පෙර ඔක්ලහෝමා ප්‍රාන්තයේ, ටුල්සා හි වෙඩි තැබීම සිදුව තිබුණි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතු සඳහා නායකත්වය ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.
Read Moreබකිංහැම් මාලිගයට අනුව, ඉතා අකමැත්තෙන් වුවත් මෙම දේව මෙහෙය මඟ හැරීමට තීරණය කර ඇත.
Read Moreඅධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය වන ජූලි චන්ග් මහත්මිය අතර හමුවක් අද (02දා) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.
Read Moreපොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරිම හා සාපරාධී බලහත්කාර පෑමට අදාළළු සැගව සිටින සැකකරුවෙක් හා සැකකාරියෙක් අත්අඩංගුවට ගැනීමට තොරතුරු ලබා දෙන ලෙස පොලීසිය මහජන සහාය ඉල්ලයි.
Read Moreරට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය මත ඉදීරියේදී ආහාර හිඟයක් මතුවීමේ අවදානමක් ඇති බව විද්වතුන් විසින් පෙන්නුම් කර දී ඇති පසුබිමක රටක් ලෙස මෙම තත්ත්වයට මුහුණදීමට අප සැවොම එක්ව ඉතා වගකීමෙන් වැඩ කළ යුතුයි. රාජ්‍ය නිලධාරීන් සියලුදෙනා වගා කටයුතුවලට යොමුවීම හා ජනතාව ඒ සඳහා දිරිමත් කිරීම ඉතාමත් කාලෝචිත බව අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.
Read Moreඅත්‍යාවශ්‍ය රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන 7 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත රු. බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳව විවාදය ලබන 8 වැනිදා ප.ව 5.30 දක්වා පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
Read Moreඅනුරාධපුර දිස්ත්‍රික්කයේ හුරුළු වැව, ගලෙන්බිඳුනුවැව හා යකල්ල ප්‍රදේශවල කුඹුරු ඉඩම්වල පිහිටි ගොඩ කොටස ඇතුළත් ඉඩම් අක්කර 1000ක බඩඉරිගු වගාව සඳහා යුරියා පොහොර ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය අද (02දා) තීරණය කළේය.
Read Moreසමගි ජන බලවේගය පක්ෂයේ නව මෙහෙයුම් ප්‍රධානියා ලෙස කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද (2දා) පත්කර තිබේ.
Read Moreදෙහිවල ජාතික සත්වෝද්‍යානයේ පසුගිය මාර්තු මස 03 වන දින ඉපිද ඇති බෙංගාලි ව්‍යාග්‍ර පැටවුන් තිදෙනා මාස තුනකට පසු අද (02දා) මහජන ප්‍රදර්ශනයට යොමුකරනු ලැබිණැයි දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය තිලක් ප්‍රේමකාන්ත මහතා පැවැසීීය.
Read Moreවිදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව හමුවක් අද (2දා) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.
Read Moreජොනී ඩෙප්ට එරෙහිව පැවැති නඩුවට අදාලව අභියාචනයක් ගොනු කිරිමට ඇම්බර් හර්ඩ් සැලසුම් කර තිබේ. ඒ එම නඩුවෙන් ඇය පරාජයට පත්වීමත් ජොනී ඩෙප්ට වන්දි වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක පමණ මුදලක් ගෙවීමට සිදුවීමත් හේතුවෙනි.
Read Moreතද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
Read More