ඇමෙරිකාවේ පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගී වීම සදහා විදේශ ගත වීමට ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි රන්ජන් රාමනායක මහතා ආපසු හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබූ බව එම දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු පැවසීය .
ඊයේ රාත්‍රී 08.15 ට කටාර් ගුවන් ගුවන් සේවයේ කිව්.ආර්.- 655 දරන ගුවන් යානයට පිවිසීම සදහා ඔහු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
රන්ජන් රාමනායක මහතා පළමුවෙන්ම කටුනායක සිට කටාර් රාජ්‍යය වෙත ගොස් එතැන් සිට ඇමෙරිකාව බලා ගමන් කිරීමට සැළසුම් කර තිබුණි.
ඔහුට එරෙහිව විභාග වන නඩු දෙකකටම අදාලව ගුවන් ගමන් තහනම් කිරීම් එම අධිකරණ මගින් පනවා , ඒ බැව් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය තුළ ද ඇතුළත් කිරීමට ද පියවර ගෙන තිබී ඇත.
ඒ අනුව ගුවන් ගත වීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අවස්ථාවේ දී රන්ජන් රාමනායක මහතා , ආපසු හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබුණි .