පාන් රාත්තලක යකඩ ඇණ තුනක්
යාපනය අච්චුවේලි ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලකින් මිලට ගත් ගත් පාන්ගෙඩියක් තුළ යකඩ ඇණ 03 ක් තිබී ඊයේ (27) සවස හමු වූ බවට පාරිභොගිකයෙකු විසින් යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.
අදාල පාරිභෝගිකයා අච්චුවේලි ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලකින් පාන්ගොඩිය මිලිට ගෙන නිවසට ගොස් දරුවන්ට ආහාර ගැනීම සඳහා ලබාදී ඇති අතර එහිදී දරුවන් පාන් ගෙඩිය කඩන අවස්ථාවේදී එහි තුල තිබී යකඩ ඇණයක් මතු වී දෙමාපියන්ට දැනුම් දී ඇත.
අනතුරුව දෙමාපියන් විසින් පාන්ගෙඩිය තවදුරටත් පරික්ෂා කිරීමේදී එහි තුල තිබී යකඩ ඇණ 03 ක් තිබී හමුවීමෙන් පසුව පාරිභෝගික මහතා විසින් අදාල වෙළඳසැලටද දැනුම්දී පසුව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයටද පැමිණිළි කිරීමට පියවර ගනු ලැබීය.
පසුව අදාල පැමිණිල්ලට අනුව යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාල නිලධාරීන් විසින් අදාල වෙළඳසැලට පාන් ලබාදෙන බේකරි නිශ්පාදකයාටද දැනුම් දී මේ වන විට පරික්ෂණයක් අරඹා ඇති අතර අදාල සිදුවීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවටද දැනුම් දී ඇත.

popular news
-
Samson De silva Saturday, 29 October 2022 07:10 AM
Paan gediyak gram 450k wiya yuthuyi kiyaa pramitiyak thiyenawaane. Eka pitiwalin pamanak kiyalaa kawuruth kiyalaa nehene.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
