ගාලු දිස්ත්‍රික්කය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකට අයත් නීති විරෝධී අයුරින් එකලස් කරන ලද ජීප් රථයක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ඊයෙ සවස මෙම ජීප් රථය අත්අඩංගුවට ගෙන ඇති අතර එහි රියදුරු ලෙස කටයුතු කර ඇති ගාලු පොලිස් ස්ථානයට අනියුක්ත පොලිස් කොස්තාපල්වරයෙක්ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වාහනය නීති විරෝධී ලෙස ගෙන්වා මෙරටදී එකලස් කර ඇතිද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බව පොලීසිය වැඩිදුරටත් පවසයි.