දැනට මන්දගාමීව පවතින ECTපර්යන්තයේ ඉදිකිරීම් කඩිනමින් නියමිත කාලවකවානු වලට නිමකරන ලෙස වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
කොළඹ වරායෙහි නැගෙනහිර පර්යන්තයේ (ECT) හී සිදුකල නිරික්ෂණ සංචාරය අවසානයේ දී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදෙන ලදී.
මෙම නිරික්ෂණ සංචාරය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉහළ කළමණාකාරීත්වය, ව්‍යාපෘති ඉංජිනේරුවන්, මෙහෙයුම් නිලධාරීන් හා වෘත්තීය සමිති යන සෑම ක්ෂේත්රයකම පිරිස් සහභාගී වී සිටි අතර, ඉදිරි වැඩ පිළිවෙල සැකසීම සඳහා සියළු දෙනාගේ අදහස් හා යෝජනා වඩාත් ඵලදායී ලෙස යොදා ගන්නා ලෙස ද අමාත්‍යතුමන් මෙහිදී ප්‍රකාශ කර සිටියේ ය.
එහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ‘‘පර්යන්තයේ ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය නිරීක්ෂණය කර එහි ඉදිකිරීම් වල ඇති මන්දගාමීත්වයට බලපා ඇති ගැටළු හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය පිළියම් යෙදීමට ඇති හැකියාව සොයා බැලීමේ අරමුණෙන් මම මේ ක්ෂේත්‍ර නිරීක්ක්ෂණය සිදු කරන්නේ. මෙහිදී මට අනාවරණය වුණා රටේ පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් අවශ්‍ය ගෙවීම් නිසි වේලාවට කර ගැනීමට නොහැකිවීම නිසා ඉදිකිරීම් කටයුතු මන්දගාමීව තියෙන බව.
දැනට සිදුකර තිබෙන සංවර්ධන කටයුතු පිළිබඳව මම සතුටට පත්වන අතරම පවතින අර්බුදය විසඳීමට අවශ්‍ය පියවරයන් අපි ගනිමින් සිටිනවා. ඒ අනුව, ඉතාමත් කඩිනමින් නියමිත කාලවකවානුවලට අනුව ව්‍යාපෘතියේ කටයුතු අවසන් කිරීමට හැකි වෙතැයි මම විශ්වාස කරන අතරම මම ශ්‍රී ලංකා වරාය අධිකාරියට අවශ්‍ය උපදෙස් ලබා දෙනවා මෙම කටයුතු කඩිනම් කිරීමට.
ඒ වගේම වෘත්තීය සමිති දක්වන යෝජනාවත් අපිට සැළකිල්ලට ගැනීමට පුළුවන්. දැනට ඇනවුම් කොට තිබෙන ග්රැන්ටි්ර දොඹකර 03 කඩිනමින් ලබා ගැනීම තුලින් දැනට ඉදිකොට ඇති පර්යන්තයේ කොටස අපට මෙහෙයුම් සඳහා යොදා ගැනීම තුළින් වරාය අධිකාරියට ආදායම් උපදවා ගත හැකියි. ඒ පිළිබඳවත් අපි අවධානය යොමු කරනවා.
මෙම පර්යන්තවල පිහිටීම ඉතාම වටිනවා. එය ශ්‍රී ලංකා වරාය අධිකාරියට පමණක් නොව රටටම සම්පතක් ලෙස හැඳින්වීමට පුළුවන්. සැබවින්ම මෙම පර්යන්තය මගින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අපට උත්පාදනය කරගත හැකියි.
ඒ වගේම ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා රටේ ජනතාව වෙනුවෙන් මෙම පර්යන්තය රැුක ගැනීමට ලැබීම පිළිබඳව මම ඉතාම සන්තෝෂ වෙනවා’’.
කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය (CPEP) යටතේ ඉදිකිරීම් ආරම්භ වූ නැගෙනහිර පර්යන්තයේ (ECT) ඉදිකොට ඇති සම්පූර්ණ පැති බැම්මේ දිග මීටර් 570කි. එහි මීටර් 440 කින් යුතු නැංගුරම්පොලක් ඇති අතර මේ වන විට එහි විශාල ප්‍රමාණයේ නෞකාවන් මෙහෙයවීමේ හැකියාව තිබේ. පර්යන්ත අද්දර ගැඹුර මීටර් 18 සිට 20 දක්වා වන බැවින් දැනට ලෝකයේ නිෂ්පාදිත ඕනෑම ප්‍රමාණයේ නෞකාවක් මෙහෙයවීමේ හැකියාව ද පර්යන්තය සතුය. මෙහි ඉදිකිරීම් කටයුතු 2025 වසරේ ජනවාරී මස අවසන් වීමට නියමිතය.
