විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම හේතුවෙන් හෙට (13දා) සහ 15වැනිදා සිට 18වැනිදා දක්වා දින පහේ සියලුම කලාපවලට පැය 2යි විනාඩි 15ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිෂම විදුලිබල මණ්ඩලය අවසර ලබාදී තිබේ.
තමන්ට හා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ක්‍රිකට් ක්‍රීඩාවේ තවත් ශ්‍රෙෂ්ඨ තරගයක් ලබාදීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමටත් නායක දසුන් ශානකටත් ස්තූතිය ප්‍රකාශ කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreමෙරට මත්පැන් නිෂ්පාදකයන් සුරාබදු දෙපාර්තමේන්තුවේ ඇතැම් දූෂිත නිලධාරීන් සමඟ එකතුවී දෛනිකව රජයට අය විය යුතු රුපියල් මිලියන 400 ක පමණ බදු මුදලක් අහිමි කරන බවත් එම මුදල් දේශපාලනඥයින්, සුරාබදු නිලධාරීන්, මත්පැන් නිෂ්පාදකයන් ඇතුළු කණ්ඩායම් කිහිපයක් අතර බෙදී යන බවත් ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍ර ධාරීන්ගේ සංගමයේ සම සංවිධායක හා මාධ්‍ය ප්‍රකාශක ඩලස් ප්‍රනාන්දු මහතා පවසයි .
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසි ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ නිවස අසළ විරොධතාවක් සංවිධානය කර තිබේ. සැලකිය යුතු පිරිසක් මෙම විරෝධතාව සඳහා එක්ව සිටියි. කැරළි මර්දන ඒකකයේ පිරිස්ද එම ස්ථානය අසළට පැමිණ තිබේ.
Read Moreපාරිභෝගිකයන් ඉන්ධනහල් තුළ ලියාපදිංචි කර සතිපතා කෝටා ක්‍රමයකට ඉන්ධන ලබාදීම ජුලි මස පළමු සතියේ සිට ක්‍රියාත්මක කිරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
Read Moreමැයි 09 වැනිදා සිදුවූ නිවාස ගිනි තැබීම ඇතුළු කළහකාරී සිදුවීම් පිටුපස ඇතැම් ආගමික නායකයන් සිටි බවටත් ඔවුන්ගේ අනුබලය හිමිවූ බවටත් තමන් කළ ප්‍රකාශය කිසිසේත් ඉල්ලා අස් කර නොගන්නා බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (11) අවධාරණය කළේය.
Read Moreනුවරඑලිය දිස්ත්‍රික්කය තුළ පිහිටි පුද්ගලික ඉඩම් සහ රජයේ ඉඩම් වල වගා කර ඇති කොස් සහ පොලොස් කඩා හැටන් වටවල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික සත්ව ගොවිපොලක සතුන්ට ආහාර වශයෙන් ලබාදිමේ වැඩපිලිවෙලක් නතර කිරිමට වහාම පියවර ගන්නා බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පැවසිය.
Read Moreශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලිදී ගැනීම වෙනුවෙන් පළමුව වෙනත් මූලාශ්‍ර සොයා බලන නමුත් මොස්කව් වෙතින් තවත් බොරතෙල් මිලදී ගැනීමට ශ්‍රී ලංකාව විවෘත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.ඒ.පී. පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසීය.
Read More2022.06.14 දිනට යෙදෙන මෙවර පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් රැඳවියන් 173 දෙනෙකු අධිකරණ බන්ධනාගාර කටයුතුහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ නිර්දේශමත නිදහස් කිරීමට පියවර ගෙන ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.
Read Moreරුසියානු කාන්තාවකට ලිංගික අතවර කල පුද්ගලයෙකු ඊයේ (11දා) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලීසිය පවසයි.
Read More2018, 2019 කාලසීමාවට අදාළව රුපියල් මිලියන 3100 ක් වැය කොට මිලදීගත් විදුලි ජනක යන්ත්‍ර 50 ක් මිලදී ගන්නා විටම ක්‍රියාකාරී තත්ත්වයේ නොපැවතීම පිළිබඳව කෝප් කමිටුවේදී අවධානය යොමු විය.
Read Moreචීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලබාදුන් පොලොන්නරුවේ ඉදිකළ වෘක්කවේද විශේෂිත රෝහල ජනතා අයිතියට පවරා ඊයේ (11දා) වසරක් සම්පූර්ණ විය.
Read Moreමන්නාරම සුළං විදුලි බලාගාරය ඉන්දියාවේ අදානි සමාගමට ලබාදෙන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළ බවට තමන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බවත් ඒ සඳහා කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බවත් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩෝ මහතා පවසයි.
Read Moreමන්නාරමේ යෝජිත සුළං විදුලි ව්‍යාපෘතිය පැවරීම සම්බන්ධයෙන් තමා කිසිඳු පුද්ගලයෙකුට හෝ ආයතනයකට බලපෑමක් නොකළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreතඹුත්තේගම, ලුණුවැවේ දිය නෑමට ගිය පුද්ගලයන් දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි. ඊයේ සවස අනුරාධපුර වන්දනාවේ ගොස් එමින් සිටි අහුංගල පදිචං පිරිසකින් කිහිප දෙනෙක් මෙසේ ලුණුවැවේ දිය නෑමට ගොස් තිබේ.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදය තුළත් ඉහළ ඉන්ධන මිල සඳහා එරට ජනපති ජෝ බයිඩන් ආයතනික කෑදරකමට දොස් පැවරුවත්, සමාගම් පෙන්වා දෙන්නේ මෙම මිල ඉහළ යාම බයිඩන්ගේම ප්‍රතිපත්ති නිසා සිදුවූවක් බවයි.
Read Moreආගමන හා විගමන දෙපාර්තමේන්තුව හෙට (13දා) දිනයේදී සාමාන්‍ය පරිදි විවෘත බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. හෙට (13දා) දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇතත් අත්‍යාවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාම වෙනුවෙන් මෙසේ එම දෙපාර්තමේන්තුව විවෘතව තැබෙයි.
Read Moreඉරානය සහ වෙනිසියුලාව යන දෙකම එක්සත් ජනපදයේ දැඩි සම්බාධක යටතේ පවතින අතර, මදුරෝට අනුව, ජාත්‍යන්තර ප්‍රශ්න සම්බන්ධයෙන් ඔවුන්ට පොදු දැක්මක් ඇත. සම්බාධක යුද්ධයේදී සහ ඒවාට ස්ථීර ලෙස මුහුණ දීමට ක්‍රම සොයා ගැනීමට ඔවුන් සැලසුම් කරයි.
Read Moreදසුන් ශානක පන්දු පන්දු 25කදි ලකුණු 54ක් රැස්කිරීමට සමත්විය. ඔහුගේ අවසන් ලකුණු 48 පන්දු 13ක් තුළ වාර්තා විය. මෙම ඉනිම හේතුවෙන් ඔහු තරගයේ වීරයා ලෙසද සම්මාන ලැබීය.
Read Moreබ්‍රිතාන්‍යයේ මන්කිපොක්ස් රෝගීන් සංඛ්‍යාව 366ක් දක්වා ළඟා වූ හෙයින් සෙනසුරාදා සමීප සම්බන්ධතා වළක්වා ගැනීමේ අවශ්‍යතාව විශේෂඥ වෛරස් විද්‍යාඥයෙක් තහවුරු කළේය.
Read Moreප්‍රකට ව්‍යාපාරික, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියගෙන් සමාව ඉල්ලා තිබේ. සනත් ජයසූරිය මේ බව සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.
Read Moreයුරෝපීය මාවතේ සාර්ථක වීමට නම් කියෙව් හි දූෂණය අඩුකර හා ආයෝජකයින් ආකර්ෂණය කර ගත යුතු බව යුරෝපීය කොමිසමේ ප්‍රධානියා පවසයි.
Read Moreමාස පහකට පසු හැටන් නගරයේ ලාෆ් ගැස් පාරිභෝගිකයන්ට ගෘහස්ථ ගැස් සිලින්ඩර් බෙදා දෙයි.
Read Moreවොෂිංටනයේ මෙම වසරේ විරෝධතා ව්‍යාපාරය තුළ දේශපාලන නායකයන්ට සරල පණිවිඩයක් ඇති අතර, ඉන් කියවුණේ, ’’ඔබේ අකර්මන්‍යතාවය ඇමෙරිකානුවන් මරා දමයි’’ යනුවෙනි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසි ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා හා රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරියේදි අමාත්‍යධුරවල දිවුරුම්දීමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreලංකා ප්‍රිමියර් ලීග තරගාවලියේ තෙවැනි අදියර ජුලි 31 දා සිට අගෝස්තු 21 දා තෙක් පැවැත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreඑළැඹෙන 14දාට යෙදි ඇති පොසොන් පොහොය නිමිත්තෙන් මස් පිණිස සතුන් මරණ ස්ථාන, මස් මාංශ අලෙසි සැල්, සුපිරි වෙළඳසැල් වල මස් මාංශ අලෙවි කිරීම තහනම් කිරීමත්, රේස් බුකී, කැසිනෝ හා සමාජ ශාලා වසා දැමීමටත්,දිවයින පුරා පිහිටි සියලුම සුරා සැල් වසා තැබීමටත්, සුපිරි වෙළඳසැල්වල මත්පැන් අලෙවිය නැවැත්වීමටත් කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය දැනුම් දී තිබේ.
Read Moreදේශීය සුදු හා රතු කැකුළු සහල් වෙනුවෙන් කිලෝවකට රුපියල් 210ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read More2022 ජුනි මස 10 වැනිදා සිට එළිමහන් හා ගෘහස්ථ ස්ථානවලදී මුහුණු ආවරණ පැළඳීම තවදුරටත් අනිවාර්ය නොවන බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් හදිසියේ නිකුත් කරන ලද නිවේදනය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විමතියට පත්ව ඇති බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreමෙමගින් ඉන්ධන ඇති පිරවුම් හල් , ඒවායේ ඇති ඉන්ධන වර්ග සහ ඒ ඒ ඉන්ධන ප්‍රමාණද දැනගත හැකිවේ. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), විසින් දියත් කෙරෙන මෙම ඉන්ධන කළමනා කරන පද්ධතියෙන් දිවයින පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු පිළිබද තොරතුරු වඩාත් පහසුවෙන් කලමාකරණය කිරීමත් එම තොරතුරු මහජනතාවට පහසුවෙන් දන ගැනීමට ඉඩකඩ සලසාදීම අරමුණයි.
Read More