කොළඹ විරෝධතාවක් අතරතුර දී අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් අසූ තුන් දෙනා ඇප මත මුදා හැරීමට අද (25දා) පියවර ගෙන තිබිණි.
සමාජවාදී තරුණ සංගමයේ සභාපති එරංග ගුණසේකර ඇතුළු විරෝධතා කරුවන් තිදෙනෙකු මාලිගාකන්ද වැඩබලන මහෙස්ත්රාත් සුනීතා ඩයස් මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන් රුපියල් ලක්ෂ දෙක බැගින් වටිනා ශරීර ඇප මත මුදාහැරීමට නියම කෙරුණු අතර සෙසු විරෝධතාකරුවන් පොලිස් මත මුදා හැරීමට මුදාහැරීමට පියවර ගන්නා ලදී.
ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමාජවාදී තරුණ සංගමය විසින් ඊයේ සංවිධානය කෙරුණු විරෝධතා පා ගමනක් අතරතුර මෙම පිරිස පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
එලෙස අත්අඩංගුවට ගනු ලැබූ විරෝධතාකරුවන් අසූ තුන් දෙනා අතුරින් සමාජවාදී තරුණ සංගමය සභාපති එරංග ගුණසේකර මහතා ඇතුළු පිරිස මාලිගාකන්ද මහා මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
ඔවුන් ඉදිරිපත් කරමින් පොලිසිය කරුණු ඉදිරිපත් කළ අතර ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඔවුන් ඇප මත මුදා හරින ලෙස මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්රාත්වරයා ඔවුන් ශරීර ඇපමත මුදාහැරීමට නියම කෙරුණු අතර සෙසු විරෝධතාකරුවන් පොලිස් ඇප මත මුදා මුදාහැරීමට කටයුතු කෙරිණි.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන වල ප්රගතිය මෙම නඩුව යළි කැඳවනු ලබන අවස්ථාවේදී අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්රාත්වරිය පොලිසියට නියම කළාය.
