කැළණිවැලි දුම්රිය මාර්ගයට නව කාර්යාල දුම්රියක් ධාවනයට එක්කිරීමත් සමගින් එම දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහනේ සුළු වෙනසක් සිදුකිරිමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
අම්බලන්තොට, උස්සන්ගොඩ මුහුදු වෙරළේදී මුහුදු රළ පාගමින් සිටි පුද්ගලයන් 4ක් මුහුදු රළට ගසාගොන ගොස් ඇති අතර මෙහිදී එක් පුද්ගලයෙකු ගොඩට පීනා වීත් සිය ජීවිතය බේරාගෙන ඇති අතර ඉතිරි තිදෙනා අතුරුදන්ව තිබේ.
Read Moreමෑතකාලීන ගවේෂණ සමීක්ෂණවලින් ඩොලර් ට්‍රිලියන 12කට අධික ටොන් මිලියන 31 ක පමණ රන් ලෝපස් නිධි සොයාගැනීමට සමත්ව ඇති බව උගන්ටා රජය නිවේදනය කර තිබේ. මේ අනුව එම නිධි ගොඩ ගැනීම වෙනුවෙන් විශාල ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය බවත් උගන්ඩා රජය නිවේදනය කරයි.
Read Moreපොසොන් පොහෝ දිනය හේතුවෙන් අද දිනයේදී හැකිතාක් දුරට විදුලිය කප්පාදු කිරීමෙන් වැළකී සිටීමට විදුලි බල මණ්ඩලය කටයුතු කරනු ඇතැයි මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.
Read Moreඋඩරට වතුකරය ආශ්රිත ප්‍රදේශවල වැලි මුව ගහණය ඉහල ගොස් ඇතැයි උඩරට පරිසර සංගම් නියෝජිතයෝ පවසති. උඩරට වතුකරයේ තේ වතුවල හා ලඳු කැළෑ, පතන් හා එළිමහන් බිම් ආශ්‍රීතව මෙසේ වැලි මුවන් නිරත්තරයෙන්ම ගැවසෙන අයුරු නිරීක්ෂණය වී ඇතැයිද ඔවුහු සඳහන් කරති.
Read Moreඩොලර් මිලියන 2.5ක මුදලක් ගෙවා ගත නොහැකිව දින 8ක් තිස්සේ ශ්‍රී ලංකාව අවට මුහුදේ නැංගුරම් ලා සිටි ගෑස් රැගත් නෞකාවට අද දිනයේදී මුදල් ගෙවිමට හැකියාව ලැබී තිබේ.
Read Moreඒ අනුව 19 හැවැරිදි දුනිත්ට එක්දින ජාත්‍යන්තර වරම් හිමිව තිබේ. 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී දුනිත් වෙල්ලලගේ දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහු බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් ක්‍රීඩකයෙක් බවට පත්විය.
Read Moreවිස්සයි20 තරග තුනකට හා එක්දින තරග තුනකට එක්වීම සඳහා ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.
Read Moreයතුරු පැදියකින් පැමිණ නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති තිබේ.
Read Moreඅත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා එම මාර්ගයේම ධාවනය කරන පෞද්ගලික බස් රථයක අයිතිකරු සහ එම සොරකමට සහයෝගය දැක්වු එම වතුයායේම තරුණයන් දෙදෙනෙකු බව පොලිසිය පැවසිය.
Read Moreපාසල්වල පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරිමට අදාළව නව චක්‍ර ලේඛයක් නිකුත් කිරීමටත් එය ලබන වසරේ සිට එනම් 2023 සිට ඉදිරියට පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේදී චක්‍රලේඛයේ විධිවිධාන අදාළ කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreසිය සමාගම විසින් ශ්‍රී ලංකාවේ සිදුකිරිමට යන සූළං බල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව කනගාටුවට පත්වන බව ඉන්දියාවේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරයක් වන අදානි සමාගම් සමූහය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreසමස්ත ලංකා ප්‍රවාහන වෘත්තිකයන්ගේ ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානය යටතේ ලියාපදිංචි වී සිටින ලක්ෂ 15ක් පමණ වන ප්‍රවාහන සංගම්වල සාමාජිකයන්ට අයත් වාහනවල ලීසිං වාරික හා වාහන මිලදී ගැනීමට ලබාගත් බැංකුවල වාරික ගෙවීම ඊයේ (13දා) සිට නවත්වා දැමීමට තීරණය කළ බව එම සංගමයේ කැඳවුම්කරු සම්පත් රණසිංහ මහතා සඳහන් කළේය.
Read Moreවසරකට මුළු පිරිවැටුම රුපියල් මිලියන 120ක් ඉක්මවන ආනයනකරුවන්, නිෂ්පාදකයන්, සේවා සපයන්නන්, තොග වෙළඳුන් හා සිල්ලර වෙළඳුන් සඳහා සියයට 2.5ක අනුපාතයක් යටතේ නව බද්දක් වශයෙන් සමාජ ආරක්ෂණ දායකත්වය බද්ද හඳුන්වාදීමට තීරණය කර තිබේ.
Read Moreජලය, විදුලිය, සෞඛ්‍ය, ආරක්ෂක සේවා, අධ්‍යාපන, ප්‍රවාහන, වරාය හා ගුවන් සේවා වැනි අත්‍යාවශ්‍ය සේවා සපයන රාජ්‍ය ආයතන හැර ඉතිරි රාජ්‍ය ආයතන ඉදිරි මාස තුනක කාලය තුළ සිකුරාදා දිනවල වසා තැබීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කටයුතු කළ දේශපාලන පක්ෂ රැසක් එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ඉදිරි දේශපාලන කටයුතු සිදුකිරීමට තීරණය කර තිබේ. එම පක්ෂවල නායකයින් මූලික සාකච්ඡාවලින් අනතුරුව පසුගියදා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී මේ බව පැවැසූහ.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13) පස්වරුවේ ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා සමඟ දුරකථන සංවාදයක නිරත විය.
Read Moreඔමික්‍රොන් හි නව උප ප්‍රභේද දෙකක් වන BA.4 සහ BA.5 යුරෝපයේ පැතිරී ගිය අනෙකුත් කොරෝනා වෛරස් ප්‍රභේදවලට වඩා වේගයෙන් ව්‍යාප්ත වන බවත්, ඒවා ප්රමුඛ වනවිට වැඩි රෝහල්ගතවීම් සහ මරණවලට තුඩු දිය හැකි බවට යුරෝපා සංගමයේ රෝග නිවාරණ ඒජන්සිය අනතුරු අඟවා තිබේ.
Read More’’පොලීසිය විතරක් නෙමෙයි විරෝධතාකරුවනුත් කඳුළු ගෑස් භාවිත කළා. මේ නිසා දෙපැත්තෙන්ම කඳුළු ගෑස් සඳහා ඉල්ලුම වැඩිවුණා’’ යැයි අග්‍රාමාත්‍යවරයා පැවැසීය.
Read Moreධවල මන්දිරයට අනුව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සඳුදා බෙලාරුසියානු නායකත්වයේ නියෝජිතයින්ට එරෙහිව පනවා ඇති සම්බාධක තවත් වසරකින් දීර්ඝ කර තිබේ.
Read Moreඑක්සත් ජනපදෙය් කෘෂිකර්මාන්ත දෙපාර්තෙම්න්තුෙවන් ක්‍රියාත්මක කරන “Food for Progress” මුලපිරීමට සහභාගිවන ශ්‍රී ලාංකික කිරි ගොවීන්ගේ කිරි නිෂ්පාදනය දෙගුණ කිරීම අරමුණු කරෙගන දියත් කෙරෙන ඇ.ඩො. මිලියන 27ක ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලංකාෙවේ කෘෂිකර්මාන්ත දෙපාර්තෙම්න්තුව සමග අවෙබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.
Read Moreඑක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය සඳුදා ප්‍රකාශ කළේ රට පුරා මන්කිපොක්ස් රෝගීන් 470ක් සිටින බවත්, ඉන් අතිමහත් බහුතරය සමලිංගික හෝ ද්වීලිංගික පිරිමින් බවත්ය.
Read Moreවිපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කළ ආරාධනාවක් අනුව විපක්ෂනායක කාර්යාලයේ පැවැති වැඩසටහනකට තමන් එක්වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.
Read Moreග්වාතමාලාවේ අධික වර්ෂාවත් සමග ඇති වූ නාය යෑම්වලින් සැලකිය යුතු ජීවිත හානි ප්‍රමාණයක් සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreපොසොන් පොහොය යෙදෙන හෙට (14දා) සියලු බන්ධනාගාරවල රැඳවියන් සඳහා ශිල සමාදාන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බව බන්ධනාගාර මුලස්ථානය සඳහන් කරයි.
Read Moreෆයිරෝසාබාද් නගරයේ කවෙහ් සෝඩියම් කාබනේට් කම්හලේ එක් ඇමෝනියා ටැංකියක කාන්දුවක් හේතුවෙන් මෙම පිපිරීම සිදුවී ඇත.
Read Moreනලින්ද ඉලංගකෝන් මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපති වරයා ලෙස පත් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. ඔහු මීට පෙර විදුලිබල මණ්ඩලයේ උප සභාපති වරයා ලෙස ද කටයුතු කළේය.
Read Moreවැලිගම ප්‍රදේශිය සභාව මගින් කි‍්‍රයාත්මක කරන කාබනික පොහොර මධ්‍යස්ථානය නිරික්ෂණය කිරිම සඳහා එක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා බණ්ඩක්කා කරලක් බණ්ඩක්කා කරලක් අමුවෙන් ආහාරයට ගැනීමට කටයුතු කළේය.
Read Moreමාතර , වැලිගම ප්‍රාදේශිය සභාව මගින් ක්‍රියාත්මක “කෘෂි නවෝදය” වැඩසටහන යටතේ බීජ සහ පොහොර නොමිලේ බෙදා දෙන වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13දා) වැලිගම ප්‍රාදේශිය සභාවේදී පැවැත්වුණි.
Read Moreපාරිභෝගික අධිකාරියේ මාතර කාර්යාලයේ නිලධාරීන් විසින් මාතර දිස්තික්කයේ සහල් වැඩි මිලට විකුණන බවට පාරිභෝගිකයන් විසින් කරන ලද පැමිණිලිවලට අනුව කඹුරුපිටිය නගරයේ සිදුකළ වැටලීමකදී වෙළඳ සැලක් තුළ සඟවා තිබූ සහල් කිලෝ 6000කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට පාරිභෝගික සේවා කාර්යාලයේ නිලධාරීන්ට හැකි විය .
Read More