අධික වේගයෙන් ධාවනය වු බොලෙරෝ කැබ් රථයක් ප්රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ත්රිරෝද රථයක සහ මොටර් රථයක ගැටිමෙන් සිදු වු අනතුරකින් මොටර් රථයේ ගමන් ගත් දෙදෙනෙකු සහ බොලෙරෝ කැබ් රථයේ රියදුරු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත්රික් මහ රෝහල වෙත ඊයේ (25දා) ඇතුලත් කල බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.
මෙම අනතුර සිදු වි ඇත්තේ ඊයේ (25දා) පස්වරු 6.30 ට පමණ ගිනිගත්හේන ප්රධාන මාර්ගයේ ගිනිගත්හේන අඹගමුව ප්රදේශයේදිය.
ගිනිගත්හේන සිට නාවලපිටිය දක්වා අධික වේගයෙන් ධාවනය වු බොලෙරෝ කැබ් රථයේ වේගය පාලනය කරගත නොහැකිව නාවලපිටිය සිට ගිනිගත්හේන දෙසට ධාවනය වු ත්රිරෝද රථයේ මුලින්ම ගැටි ඊට පසුපසින් එම දිශාවටම ධාවනය වු මොටර් රථයේ ගැටිමෙන් අනතුරුව ත්රිරෝද රථ සහ බොලෙරෝ කැබ් රථය වෙල්යායට පෙරලි ඇත.
අනතුරෙන් පසු බොලෙරෝ කැබ් රථයේ රියදුරා එම ස්ථානයෙන් පලාගොස් නාවලපිටිය දිස්ත්රික් මහ රෝහල වෙත ප්රතිකාර ලබාගැනිම සදහා ඇතුලත් වි ඇති බවත්, සෙසු තුවාලකරුවන් අඹගමුව ප්රදේශවාසින් එක්ව රෝහල්ගත කර ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන ගිනිගත්හේන පොලිසිය පැවසීය.
අනතුරෙන් වාහන තුනටම දැඩි අලාභ හානි සිදු වි ඇත.


