මොනරාගල බන්ධනාගාරයේ නිලධාරීන් විසින් ඊයේ (25දා) බන්ධනාගාරයේ රැඳවියන් පරික්ෂාකිරීමේදී හෙරොයින් මිලිග්රෑම් තිස්තුනක් සමඟ හෙරොයින් පානයකිරීමට ගන්නා උපකරණයක් බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන ඇත.
රැඳවුම්භාරයේ සිටින බුත්තල ප්රදේශයේ පදිංචි රැඳවියෙකු ලඟ තිබී හෙරොයින් මිලිග්රෑම් 17 ක්ද, අම්පාර ප්රදේශයේ පදිංචි රැඳවියෙකු ලඟ තිබී මිලිග්රෑම් 16 ක්ද ඇතිලිවැව ප්රදේශය පදිංචි රැඳවියෙකු ලඟ තිබී හෙරොයින් පානයට ගන්නා උපකරණයක්ද මෙලෙස අත්අඩංගුවටගෙන ඇත.
බන්ධනාගාරය තුළට හෙරොයින් රැගෙනඒම පිළිබඳව විශේෂ පරීක්ෂණයක් බන්ධනාගාරයෙන් විසින් ආරම්භකර ඇති අතර සැකකරුවන් මොනරාගල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට කටයුතුයොදා ඇත.
මොනරාගල සුමනසිරි ගුණතිලක