කොළඹ සිට නුවරඑලිය දක්වා එකම පවුලේ පිරිසක් ගමන් ගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අද (25දා) අනතුරට පත් ව ඇති බව හැටන් පොලිසිය පැවසිය.
අද (25) පස්වරු 3 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ හැටන් ෂැනන් වත්ත ප්රදේශයේදිය.
අධික වේගයෙන් ධාවනය වි ඇති වැන් රථයේ රියදුරාට නින්ද යාම නිසා වැන් රථය රියදුරුගේ පාලනයෙන් මිදි මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් මෙම අනතුර වි ඇති බවත්, අනතුරෙන් වැන් රථයේ ගමන් ගත් කිසිවෙකුට තුවාල සිදු වි නොමැති බවත් අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය පැවැසීය.
අනතුර සිදුවන අවස්තාවේ වැන් රථයේ පස්දෙනෙකු ගමන් කර ඇති අතර අනතුරෙන් වැන් රථයට දැඩි අලාභ හානි සිදු ව තිබුණි.



