දඹුල්ල පැල්වෙහෙර සේරුගස් යාය ප්‍රදේශයේ නිවසක් පිටුපස තිබුණු ගැඹුරු ළිඳකට අද (26දා) අලුයම වන අලියකු ඇදවැටී ඇතැයි ප්‍රදේශවාසීහු සීගිරිය වනජීවි නිලධාරීන් වෙත දන්වා තිබේ.
සේරුගස් යාය ප්‍රදේශ්යේ නිවසක නිදාගෙන සිටි අයකුට එක වැරම විශාල ශබ්දයක් ඇසී සෝදිසි කිරීමේදී මෙම අලියා උදේ 5.50 ට පමණ ළිඳට වැටුණු බව නිවෙස් හිමියා කියයි.
තම ළිඳ අඩි 45 ක් පමණ ගැඹුරු ළිඳක් බවත් වෙනදා අළුයම් කාලයේ සහ රාත්‍රී කාලයේ වන අලින් ගම් වදින බව ඔවුහු පවසති.
රාත්‍රියේ ආහාර සොයා ගම් වැදුණු වන අලි රංචුවක එක් අලියකු මේ ආකාරයෙන් ළිඳට වැටී අඩි 45 ක් පමණ ගැඹුරු ඉතා අවම ඉඩ කඩ ඔස්සේ දැඩි අපහසුවෙන් රැඳී සිටින බව දැක ගැනීමට හැකි විය.
ප්‍රදේශවාසීන් වැල නොකැඩී කුඩා දරුවන් සමග අඩි 45ක් ගැඹුරු ළිං පතුලේ සිරවී සිටින වන අලියා දැක ගැනීම සඳහා පොරකමින් පැමිණේති ,එම පිරිස පාලනය කර ගැනීමට ද ප්‍රදේශවාසීන් දැඩි උත්සාහයක නිරත වුවද ඉතා අනාරක්ෂිත ආකාරයෙන් එම අය ගැඹුරු අනාරක්ෂිත ලිදේ සිටින වන අලියා නැරඹීම් සිදු කරති.
සීගිරිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් එම ස්ථානයටට පැමිණ ඇති අතර අඩි 45 ක් ගැඹුරු ඉතා කුඩා ළිඳක වැටී සිටින මෙම අලියා ගොඩ ගැනීම සඳහා දැඩි අසීරු කාර්යයක් සිදු කිරීමට සිදුවන බවත් දිවා කාලයේ ගොඩගැනීමට අ පහසුතා පවතින බවද ඔවුහු සඳහන් කරති
කෙසේ වෙතත් බැකෝ යන්ත්‍ර උපයෝගී කරගෙන වැඩි මහන්සියක් දරමින් මෙම වන අලියා ගොඩගැනීම වනජීවී නිලධාරීන්ගේ සැලසුම් සකස් කරමින් සිටින බව ඔවුහු පවසති.

