මහකුඹුක්කඩවල මොහොරිය ප්රදේශයෙ වලකට වැටි 25 දින උදෑසන කාන්තාවක් මරණයට පත්වී ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.
මෙසේ මරණයට පත්වී ඇත්තේ ආමන්දොළුව සීදුව පදිංචි කාන්තාවක් බව කියයි.
මෙසේ අවාසනාවන්ත අයුරීන් මරණයට පත්වු කාන්තාව තම පුතුගේ නිවසට පැමිණ සිටියදී මෙම අනතුරට ලක්වී ඇති බව කියයි.
මරණයට පත්වූ කාන්තාව 25 දින උදෑසන වලක (පතහක්) තිබු පොල් ගෙඩියක් ගැනීමට බැසීමේදි එම වල මැද වු තවත් කුඩා වලකට ඇද වැටි දියෙ ගීලි මරණයට පත්වි ඇති බව කියයි.
වලට ඇද වැටි සිටි කාන්තාව ප්රදේශ වාසින් විසින් ගොඩ ගෙන තිබුනද ඒ වන විටත් ඇය මරණයට පත්වී සිටි බව පොලිසිය පවසයි.
මේ සම්බන්ධන මහකුඹුක්කඩවල පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක දීප්තී කුමාර මහතා සමග නිළධාරීන් පරීක්ෂණ අරඹා තිබේ.