සිය භාර්යා්යා සමගින් ත්රි රෝද රථය පදවමින් සිටියදී රියදුරැගේ ශරීරයට මැඩියෙකු පැනීමෙන් කලබලයට පත් එම රියදුරැ අතින් ත්රීරෝද රථය පෙරලීයාම නිසා එම රියදුරා මියගොස් ඇති අතර එහි ගමන් ගත් ඔහුගේ භාර්යාව බරපතල තුවාල සහිතව කොළඔ ජාතික රෝහලට ඇතුලත් කරඇත
මෙසේ මරණයට පත්ව ඇත්තේ අත්තනගල්ල මීගල්ල ප්රදේශයේ පදිංචිව සිටි වෘත්තීයෙන් විදුලි කාර්මික ශිල්පියෙකුවූ අබෙිිකෝන් මුදියන්සේගේ ජයන්ත පද්මකුමාර (58) නැමති දෙදරැ පියෙකි.
නිට්ටඹුව කිරිදිවැල ප්රධාන මාර්ගයේ දියගොඩැල්ල ප්රදේශයේදී ඉකුත් (21) දා දහවල් 11.30 ට පමණ මෙම අනතුර සිදුවී ඇත.
මෙම අනතුර සිදුවීමත් සමග එම ත්රීරෝද රථයට පිටුපසින් පැමිණි යතුරු පැදි දෙකක්ද ත්රීරෝද රථයේ ගැටී අනතුරට ලක්ව ඇති අතර ඉන් තුවාල ලැබූ තරැණයින් දෙදෙනෙකුද රෝහල් ගතකර ඇත.
කිරිදිවැල පොලීසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක මිලන්තද සිල්වා , රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සුදේශ් ඇතුළු නිලධාරීන් මෙිි පිළිබඳව විමර්ශන කටයුතු සිදුකරයි. දෙල්ගොඩ - සුදත් පුබුදු කීර්ති / මල්වාන - ඩබ්ලිව් ඩී එමිි විතානගේ