රටේ නීති පද්ධතිය අනුව උද්ඝෝෂණ පැවැත්වීය හැකි බවත් රැස්වීම් පැවැත්විය හැකි බවත් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පැවැසීය.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව පැවැසීය. කෙසේ වෙතත් එවැනි රැස්වීම් පැවැත්වීමේදී කලි අවසර ගත යුතු බවත් ගමක වුණත් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමට පොලිස් ස්ථානවලින් ලිඛිත අවසරයක් ලබාගත යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.
මෙහිදී මෑතකිදී කොළඹ ප්‍ර දේශ හා ගොඩනැගිලි රැසක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කිරීමට ගත් ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන්ද ඔහු පැහැදිලි කිරීමක් කළේය.
"අධි ආරක්ෂිත කලාප කියන ඒවා අද ඊයේ ලංකාවට හඳුන්වා දුන් ඒවා නෙමෙයි. මෙය බොහෝ කාලයක සිට යම්කිසි ආකාරයකින් එන තත්ත්වයන් කොටසක් පාලනයට යොදාගත්ත දේවල්. පසුගිය කාලයේ ජනාධිපති ලේකම් කාර්යාලය වට කරගෙන හිටියා.
එතැන රජයේ නිලධාරීන්ට රාජකාරිය ඉෂ්ට කරන්න අවස්ථාවක් තිබුණේ නෑ. රටේ පාලනය පිළිබඳ තීරණය ගන්න තැනට. ඒ වගේ අවහිරතා ඇති වෙනවා නම් ඒ වගේ ස්ථාන අපි ආරක්ෂා කළ යුතුයි. කලින් ඇති වූ තත්ත්වය නැවත ඇති නොවිය යුතුයි.
ජනාධිපති මන්දිරය විදේශවලින් දූත කණ්ඩායම් ආපුවහම, ජනාධිපතිවරයා තානාපතිවරුන් සමග කතා කළේ එම ස්ථානයේ. ඒ අයට එතැනට එන්න බැරි නම්, කොළඹට ආව ගමන් පේන්නේ බොහෝම අරාජික, කලබලකාරී තත්ත්වයක් නම් ඒ අයගේ සහාය රටේ යම් දියුණුවක් ලබාගැනීමට විශාල බාධකයක් වෙනවා. ඒ නිසා විශාල කොළඹ නගරය තුළ ඉතාම සුළු ස්ථාන කිහිපයක් පමණයි අපි ගැසට් නියෝගයක් මගින් අධි ආරක්ෂිත කලාපයක් ලෙස නම් කරලා තියෙන්නේ."