saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 5248 hours ago

LATEST

ඉන්ධන පෝලිමේ සිටි යතුරුපැදිකරු මරුට

calendar_today 2022 ජුනි 16 - 12:21 remove_red_eye - 522  

පන්නල නගරයට ආසන්නව කුලියාපිටිය මාර්ගයට යාබදව පිහිටි ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාගැනීමට පැමිණ පෝලිමේ සිටි පුද්ගලයෙකු ඊයේ (15දා) සවස ඇතිවූ හදිසි අසනීප තත්වයක් හේතුවෙන් සඳලංකාව දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතිබව පන්නල පොලීසිය පවසයි.

ශ්‍රී ලංකාව චිනයේ බැංකුවලින් ලබාගෙන මේ වන විට කල්පිරී ඇති ණය සාර්ථකව හසුරුවා ගැනීම වෙනුවෙන් එම බැංකු ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කිරීමට අවධානය යොමුකර ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

Read More

හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික චාරිත්‍රයක් වූ සෙල්ල කතරගම වන්දනාව වෙනුවෙන් මෙවරද උතුරේ හින්දු බැතිමතුන්ගේ පාදයාත්‍රාව යාපනයේ තොණ්ඩමනාරු ශ්‍රී සෙල්වසන්නදී මුරුගන් හින්දු කෝවිලෙන් ආරම්භ විය.

Read More

යූනියන් පෙදෙසේ ඉන්ධන පිරවුම්හලක පෙට්‍රල් ලබාගැනීම වෙනුවෙන් පෝලිමක සිටි පිරිසක් විසින් යූනියන් පෙදෙසින් මාර්ගය අවහිර කර විරෝධයක නිරතව සිටියි.

Read More

කොළඹ මහල් නිවාසවල පීඩාවට පත් ජනතාවට බෙදාදීම සඳහා කොස්,දෙල්,පොල් ඇතුලු භවබෝහ එකතුකිරීමේ වැඩසටහනක් ඊයේ (15දා)පිටිගල පොරවගම සිට අමරගම දක්වා සිදු කෙරිණ.

Read More

රට පුරා මතුව ඇති ඉන්ධන හිඟයත් සමගින් ඉන්ධන ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙන් ඇතැම් ඉන්ධන පෝලිම්හල් තුළ වාහන හිමියන් පෝලිම්වල රැදී සිටියි. මෙවැනි ඉන්ධන පෝලිම් කිලෝමීටර් ගණනාවක් පුරා දිවෙන බව ප්‍රා දේශීය වාර්තාකරුවන් පවසයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා හා ඔහුගේ ආරක්ෂක නිලධාරියා ලෙස සිටි පොලිස් සැරයන්වරයෙක් ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

පානදුර වෑකඩ ඉන්ධන පිරවුම්හලේ ඊයේ රාත්‍රී සිට පෙට්‍රල් ලබාගැනීම සඳහා පෝලිමේ රැඳී සිටි ත්‍රිරෝද රථ රියදුරකු අද (16දා) අලුයම මියගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි.

Read More

අපොස සාපෙළ විභාගය 2021 (2022) උත්තරපත්‍ර ඇගයීම සඳහා කරනු ලබන ගාස්තු සංශෝධනය කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

බ්‍රසීලය පොලී අනුපාත පදනම් අංක 50කින් පොලී අනුපාත ඉහළ නැංවීම ලෝකයේ වඩාත්ම ආක්‍රමණශීලී අනුපාත ඉහළ දැමීමේ චක්‍රයේ එන තවත් වැඩිවීමක් ඇඟවුම් කළ බව විදෙස් වාර්තා පවසයි.

Read More

රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා වැහිළිහිණි කූඩු කිලෝ දෙකහමාරක් ලග තබා ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (16දා) අත්අඩංගුවට ගැනීමට බදුල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් සමත්විය .

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 වසංගත ප්‍රතිචාරයේ ප්‍රමුඛතම කාර්යභාරය ඉටුකළ වෛද්‍ය ඇන්තනි ෆවුසිට කොරෝනා ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනාවක් අනුව සමගි ජන බලවේගවේ මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා හා එරාන් වික්‍රමරත්න යන මහත්වරු අග්‍රාමාත්‍ය කාර්යාලයට ගොස් තිබේ.

Read More

මීට අමතරව, අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා යුක්රේන ජනතාව වෙත මුදල් ලබාදීමට එක්සත් ජනපදය තවත් ඇ.ඩො.මිලියන 225ක මානුෂීය ආධාරයක් එරටට ලබාදෙන බවද බයිඩන් කියයි.

Read More

මාලිම්බඩ පොලිස් වසමේ තෙලිජ්ජවිල, ඇල්ගිරිය ප්‍ර දේශයේ නිවසක් තුළ මාස 9ක් පමණ වයසැති බිලිදෙක් සැකකටයුත් ලෙස මරණයට පත්ව ඇති බවත් බිළිඳාගේ මව නිවසින් පළාගෙස් ඇති බවත් බිළිදාගේ පියා විසින් මාලිම්බඩ පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබේ.

Read More

ඇමෙරිකා එක්සත් ජනපද මහ බැංකුව වර්ෂ 1994 න් පසුව විශාලතම පොලී අනුපාත ඉහල දැමීම නිවේදනය කරයි.

Read More

2022 අප්‍රේල් මස වන විට ගෘහස්ථ, වාණිජ ආයතන, රාජ්‍ය ආයතන, පාසල් ඇතුළු සියලුම පාරිභෝගිකයින් ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය වෙත ගෙවිය යුතු හිඟ මුදල රුපියල් මිලියන 7500කට ආසන්න බව නිලධාරීහු සඳහන් කළහ.

Read More

සංවර්ධනය වෙමින් පවතින රටවල අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා කෙන්යාව සමග එක්ව කටයුතු කිරීමට චීනය පොරොන්දු වී තිබේ.

Read More

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් යා කරමින් හැඳල සහ මට්ටක්කුලිය අතර කැළණි ගග හරහා ඉදිකර ඇති පාලමින් න් පස්හැවිරිදි පිරිමි දරුවෙකු කැළණි ගඟට තල්ලු කර දැමූ කාන්තාවක් වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.අද රාත්‍රී 7.20. පමණ අදාල කාන්තාව දරුවා තල්ලු කර ඇයද ගඟට පැනීමට උත්සහ දැරූ අවස්ථාවේදී එය දුටු මාර්ගයේ ගමන් කරමින් සිටි අය විසින් කාන්තාව නවත්වා තිබේ.

Read More

ශ්‍රී ලංකාවට සහාය දීමක් වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව ඇමෙරිකානු ඩොලර් මිලියන 120ක ණය සඳහා අනුමැතිය ලබා දී තිබේ.

Read More

පසුගිය මැයි මස 9 වැනිදා කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර සාමකාමී අරගලවලට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ඇපමත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (15දා) නියම කළේය.

Read More

පෞද්ගලික බස් රථ ධාවනය සියයට 80 කින් පමණ අඩු වී ඇතැයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

Read More

මෙරට භාවිතය සඳහා ආනයනය කරන එතනෝල් ප්‍රමාණය පිළිබඳව සහ ආනයනය කරනු ලබන ආයතන පිළිබඳව නිසි පරිදි නියාමනයක් සිදු නොවීම සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ විශේෂ අවධානයට ලක්විය.

Read More

මේ වන විට ගොඩබාමින් පවතින මෙට්‍රික්ටොන් 3900ක් රැගත් ගෑස් නෞකාවට අමතරව කිසිදු ගෑස් නෞකාවක් ඇනවුම් නොකර ඇති බවත් ලිට්‍රෝ හිටපු පාලකයින් වගකීම් විරහිතව කටයුතු කර ඇති බව ද එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.

Read More

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත සංශෝධනය කිරීම සඳහා වූ ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පතට අද (15දා) සිය සහතිකය සටහන් කළේය.

Read More

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා පත්ව තිබේ.

Read More

ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් කළුතර ප්‍රාදේශීය සභාවට අයත් ආදාහනාගාරවල ආදාහන සේවා ගාස්තු ඉහළ නැංවීම සඳහා සභාපති සංජීව ආරියරත්න මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවත් සමගින් අද (15දා) කළුතර ප්‍රාදේශීය සභාව තරමක් උණුසුම් විය.

Read More

නිකවැරටිය ප්‍ර දේශයේ වෛද්‍යෙවරයෙකු විසින් පොසොන් පොහොය වෙනුවෙන් ,රෝගී ජනයාට නොමිලේ ප්‍රතිකාර හා ඖෂධ ලබා දීම දවස පුරා ඔහුගේ නිකවැරටිය පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයේදී සිදු කෙරිණි .

Read More

ඉන්ධන පිරවුම් හලක් අසල ඩීසල් ලබා ගැනීම සඳහා පෝලිමේ රැඳී සිටි පුද්ගලයන් දෙදෙනෙකුට ඩීසල් ඉන්ධන යැයි කියා ලිටර් 60 ක් වතුර පිරවූ ප්ලාස්ටික් බූලි තුනක් ලබා දී රුපියල් 24000 ක මුදලක් වංචා කල සිද්ධියක් පොසොන් පොහෝදා ඊයේ (14දා) බණ්ඩාරගමින් වාර්තා වේ.

Read More

චීනය විසින් මෙරටට ප්‍රදානය කරනු ලබන යුවාන් මිලියන 500ක වටිනාකමින් යුත් සහල් තොගයේ පළමු කොටස ලබන 25 වැනිදා කොළඹ වරායට ළඟාවීමට නියමිත බව චීන තානාපති කාර්යාලය සඳහන් කරයි .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.