චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් පණිවුඩයක් යොමු කරයි.
ෂී ජින් පිං මහතා චීන රජය හා ජනතාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා රජය හා ජනතාවට ශුභාශිංසන පිරිනමා ඇත. චීන-ශ්‍රී ලංකා මිත්‍ර සබඳතාව ආරම්භ වූයේ අතීත යුගයේ සිට බව චීන ජනාධිපතිවරයා පෙන්වාදෙයි. දෙරට රාජ්‍යතාන්ත්‍රික සබඳතාව, ජාත්‍යන්තර දේශපාලන අභියෝගයන්ට එක්ව මුහුණ පෑමත්, අසල්වැසි රටවල් අතර මිත්‍රශීලි සහයෝගිතා පැවැත්වීමත් හේතුවෙන් පොදු-ජයග්‍රාහී බව අත්කර ගැනීම පිළිබඳ ආදර්ශයක් බවට පත් ව ඇත.
මෑත වසරවල දී, දෙරට ඉහළ පෙළේ නිලධාරීන් සමීප සම්බන්ධතාවක් පවත්වා ඇති අතර, බහුවිධ ක්ෂේත්රවල අදහස් හුවමාරු හා සහයෝගිතා ද අඛණ්ඩ ව පුළුල් කෙරෙමින් පවතී.
චීන-ශ්‍රී ලංකා සබඳතාව තමා අතිශය වැදගත් කොට සලකන බව ද ෂී ජින් පිං මහතා සඳහන් කරයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග එක්ව දෙරට පාරම්පරික, මිත්‍රශීලි උපායමාර්ගික සහයෝගිතාව ඉහළ මට්ටමකට රැගෙන යාම තම අපේක්ෂාව බව ද ෂී ජින් පිං මහතා සිය පණිවුඩයෙන් ප්‍රකාශ කර තිබේ.
චීන අග්‍රාමාත්‍ය ලී කෙකියෑන් මහතා සහ චීන විදේශ අමාත්‍ය චිං ගං මහතා ද නිදහස් දිනය නිමිත්තෙන් සුබ පැතුම් පිරිනමා ඇත.
අරෝෂා සමරදිවාකර