saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 5244 hours ago

LATEST

නඩු භාණ්ඩ අලෙවි කිරීමට තීරණයක්

calendar_today 2022 ජුනි 17 - 10:31 remove_red_eye - 947  

අධිකරණ අමාත්‍යවරයා සදහන් කළේ අධිකරණ තුළට එන නඩු භාණ්ඩ මාස තුනක් තුළ මුදා හැරිය නොහැකි නම් ඒවා අලෙවි කර අදාළ නඩුවේ නමින් ගිණුමක් විවෘත කර එයට බැර කර නඩුව අවසන් වු පසුව තීන්දුවට අනුව එම මුදල් සම්බන්ධව ක්‍රියා කිරීම සදහා අවශ්‍ය නීති සකස් කිරීමට කමිටුවක් පත් කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවයි.

පිටකොටුව හා මාලිගාවත්ත පොලිස් වසම් වල දී වෙළෙඳසල් හතරක් වටලා මුදල් විශුද්ධි කරණය කිරීමේ වරදට සහ ඊට අනුබල දුන් පුද්ගලයන් සිව් දෙනෙකු ශ්‍රී ලංකාවේ වලංගු මුදල් රුපියල් එක්කෝටි අසූ හය ලක්ෂ අනුපන් දහසක මුදලක් හා රුපියල් ලක්‍ෂ හතරකට අධික වටිනාකමින් යුත් විදෙස් මුදල් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

Read More

ජනතාවට අවශ්‍ය කිසිදු සේවයක් ලබා දීමට නොහැකි ආකාරයට ආණ්ඩුව බංකොලොත් වී තිබුණත් විපක්ෂය බංකොලොත් වී නොමැති බවත් ඒ නිසාම වගකිව යුතු විපක්ෂයක් හැටියට ජනතාවට අත්‍යාවශ්‍ය සේවාවන් ලබා දෙමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.

Read More

ඔවුන්ගේ සංවාදය අතරතුර ෂී සඳහන් කර ඇත්තේ, මේ වසරේ ආරම්භයේ සිට ගෝලීය කැලඹීම් සහ පරිවර්තනයන් හමුවේ ද්විපාර්ශ්වික සබඳතා හොඳ සංවර්ධන වේගයක් පවත්වා ගෙන ගිය බවයි.

Read More

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 26කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි එක්දින තරගය ජයග්‍රහණය කිරීමට සත්කාරක ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය.

Read More

නව හමුදා බඳවා ගැනීමේ ක්‍රමයක් සම්බන්ධයෙන් කෝපයට පත් පෙලපාලිකරුවන් රජයේ ගොඩනැගිල්ලකට ගිනි තබා ඇත.

Read More

නාගරික ප්‍රදේශ 50 ක් සදහා සංවර්ධන සැලසුම් සකස් කර අවසන් බව නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. එම නගර සංවර්ධන සැලසුම් කඩිනමින් ගැසට් කිරීමට අපේක්ෂිතයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මන්කිපොක්ස් වසංගතය පැතිරීම නැවැත්වීම සඳහා නව එන්නත් බෙදාගැනීමේ යාන්ත්‍රණයක් නිර්මාණය කර තිබේ.

Read More

ඉන්ධන අර්බුදය හේතුවෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා අද (16දා) ගාල්ල වලහන්දූව ආදර්ශ ගොවිඅපලේ වගා කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගි වීම සඳහා කොළඹ සිට දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා පුද්ගලික බස් රථයකින් ගාල්ලට පැමිණියේය.

Read More

BRICS යනු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන ප්‍රධාන නැගී එන රටවල් පහ සඳහා කෙටි යෙදුමකි. චීනය මේ වසරේ BRICS හි සභාපතිත්වය දරයි.

Read More

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය රාජ්‍ය පෞද්ගලික අංශයේ ඒකාබද්ධ වැඩසටහනක් ලෙස සංවර්ධනය කිරීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවැසීය.

Read More

ස්විට්සර්ලන්තයේ අලෙවිකරණ සහ වෙළෙඳ ප්‍රචාරණ සමාගමක සේවකයන් පිරිසක් ගිනිපෑගීමේ වික්‍රමය සිදුකිරීමට ගොස් මෙම අනතුරට ලක්ව ඇත.

Read More

වී අලෙවි මණ්ඩලය සතු වී තොග වලින් මසකට සහල් මෙට්‍රික් ටොන් 10,000ක් වෙළඳපලට නිකුත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයට අද (16දා) උපදෙස් දුන්නේය.

Read More

පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ශ්‍රී ලංකාවට තම රජයේ පූර්ණ සහාය ලබාදෙන බව දකුණු කොරියානු තානාපති ජියෝන්ග් වුන්ජින් මහතා පවසයි.

Read More

අලුත්වැඩියා කටයුතු හේතුවෙන් නොරච්චෝලේ විදුලිබලාගාරය මේ මස 18 වැනිදා සිට දින 70 ක කාලයකට වසා දමන බවත් එම නිසා ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 300 කට ආසන්න ප්‍රමාණයක් අහිමිවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (16දා) පැවසීය.

Read More

කඩිනමින් විදේශ විනිමය උපයා ගැනීම සඳහා දෙස් විදෙස් ආයෝජකයන්ට කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉඩප්‍රස්ථා පුළුල් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

ඩීසල් යැයි පවසමින් මතුපිටින් ඩීසල් යොදා වතුර ලිටර් 20 බැගින් පිරවූ ප්ලාස්ටික් බූලි තුනක් ලබාදී රුපියල් 24000 මුදලක් වංචා කළ පුද්ගලයන් දෙදෙනා අල්ලාගෙන බණ්ඩාරගම පොලිසියට භාරදීමට තරුණයන් දෙදෙනෙක් අද (16දා) පියවර ගත්හ.

Read More

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කළුඅග්ගල, ලබුගම පාරේ පවත්වාගෙන ගිය නීතිවිරෝධි විදේශ රැකියා ඒජන්සි ආයතනයක් වටලා ඔවුන් සන්තකයේ තිබී දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ගේ ගමන් බලපත්‍ර 301ක් හා විදේශ රැකියා සඳහා යාමට අවශ්‍ය වන තවත් ලේඛන රැසක් විමර්ශන නිළධාරින් භාරයට ගෙන තිබේ.

Read More

2023 වර්ෂය සඳහා පළමුවෙනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් හා විධිවිධාන ඇතුළත් උපදෙස් නිකුත් කර තිබේ.

Read More

විදේශ රැකියාවල නිරතවී සිටින ශ්‍රමිකයින් විසින් මෙරටට ප්‍රේෂණය කරනු ලබන විදේශ විනිමය ප්‍රමාණය මේ වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේදී සියයට 34කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, මහ බැංකු වාර්තා උපුටා දක්වමින් සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් වූ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඩොලර් මිලියන 6 ක හදිසි ආධාරයක් ලබා දෙන බව එක්සත් ජනපදය අද නිවේදනය කළේය.

Read More

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා හෙට (17දා) විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

Read More

අපිට විශ්වාසයක් තිබෙනවා. තව දින තුනත් ඇතුළත එක පෙට්‍රල් නෞකාවක් ලබා ගන්නවා. ණයවර ලිපි විවෘත කිරීමෙන් පසුව දින අටකින් පමණ අනෙකුත් නෞකා දෙක ලබා ගැනීමට නියමිතව තිබෙනවා.

Read More

රාජ්‍ය සේවකයන් සඳහා සිකුරාදා දින නිවාඩු ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

Read More

රටේ පවතින ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා යෝජනා ඇතුළත් මාර්ග සිතියමක් (Road map) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය ‍රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

ඉන්දීය ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන අවසන් තෙල් නැව අද කොළඹ වරායට පැමිණියේය. ‌මෙම නෞකාවෙන් ඩීසල් ‌මෙට්‍රික් ටොන් 40000ක් ශ්‍රී ලංකාවට ගෙනවිත් තිබේ.

Read More

ජල පාරිභෝගිකයින් විසින් ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට කෝටි 750 ක පමණ මුදලක් ගෙවීම පැහැර හැර ඇති බවට වාර්තා වේ.

Read More

පාර්ලිමේන්තුව ලබන 21 සිට 24 දක්වා රැස්වේ… කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම ලබන 21 වැනිදා … රටේ වත්මන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු පිළිබද සභාව කල් තැබීමේ විවාදය ලබන 22 වැනිදා…

Read More

නීතිවිරෝධී අයුරින් අනාරක්ෂිතව බහුදින ධීවර යාත්‍රාවක් යොදාගනිමින් ඕස්ට්‍රේලියාවට යාමට උත්සාහ කළ පුද්ගලයින් 64 දෙනෙකු ඊයේ (15දා) මුලතිව් සහ ත්‍රීකුණාමලය අතර මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

Read More

සිලෝන් බිස්කට් සමාගමේ නිර්මාතෘ මෙන්ම ආරම්භක සභාපති එම්. වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත වෙයි. සුපුසිද්ධ මන්චි බිස්කට් නාමයේ හිමිකරු වන වික්‍රමසිංහ මහතා මිය යන විට 86 වැනි වියේ පසුවිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.