saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 5257 hours ago

LATEST

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛයක්

calendar_today 2022 ජුනි 14 - 12:30 remove_red_eye - 814  

පාසල්වල පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරිමට අදාළව නව චක්‍ර ලේඛයක් නිකුත් කිරීමටත් එය ලබන වසරේ සිට එනම් 2023 සිට ඉදිරියට පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේදී චක්‍රලේඛයේ විධිවිධාන අදාළ කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

සිය සමාගම විසින් ශ්‍රී ලංකාවේ සිදුකිරිමට යන සූළං බල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව කනගාටුවට පත්වන බව ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරයක් වන අදානි සමාගම් සමූහය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

සමස්ත ලංකා ප්‍රවාහන වෘත්තිකයන්ගේ ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානය යටතේ ලියාපදිංචි වී සිටින ලක්ෂ 15ක් පමණ වන ප්‍රවාහන සංගම්වල සාමාජිකයන්ට අයත් වාහනවල ලීසිං වාරික හා වාහන මිලදී ගැනීමට ලබාගත් බැංකුවල වාරික ගෙවීම ඊයේ (13දා) සිට නවත්වා දැමීමට තීරණය කළ බව එම සංගමයේ කැඳවුම්කරු සම්පත් රණසිංහ මහතා සඳහන් කළේය.

Read More

වසරකට මුළු පිරිවැටුම රුපියල් මිලියන 120ක් ඉක්මවන ආනයනකරුවන්, නිෂ්පාදකයන්, සේවා සපයන්නන්, තොග වෙළඳුන් හා සිල්ලර වෙළඳුන් සඳහා සියයට 2.5ක අනුපාතයක් යටතේ නව බද්දක් වශයෙන් සමාජ ආරක්ෂණ දායකත්වය බද්ද හඳුන්වාදීමට තීරණය කර තිබේ.

Read More

ජලය, විදුලිය, සෞඛ්‍ය, ආරක්ෂක සේවා, අධ්‍යාපන, ප්‍රවාහන, වරාය හා ගුවන් සේවා වැනි අත්‍යාවශ්‍ය සේවා සපයන රාජ්‍ය ආයතන හැර ඉතිරි රාජ්‍ය ආයතන ඉදිරි මාස තුනක කාලය තුළ සිකුරාදා දිනවල වසා තැබීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කටයුතු කළ දේශපාලන පක්ෂ රැසක් එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ඉදිරි දේශපාලන කටයුතු සිදුකිරීමට තීරණය කර තිබේ. එම පක්ෂවල නායකයින් මූලික සාකච්ඡාවලින් අනතුරුව පසුගියදා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී මේ බව පැවැසූහ.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13) පස්වරුවේ ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා සමඟ දුරකථන සංවාදයක නිරත විය.

Read More

ඔමික්‍රොන් හි නව උප ප්‍රභේද දෙකක් වන BA.4 සහ BA.5 යුරෝපයේ පැතිරී ගිය අනෙකුත් කොරෝනා වෛරස් ප්‍රභේදවලට වඩා වේගයෙන් ව්‍යාප්ත වන බවත්, ඒවා ප්‍රමුඛ වනවිට වැඩි රෝහල්ගතවීම් සහ මරණවලට තුඩු දිය හැකි බවට යුරෝපා සංගමයේ රෝග නිවාරණ ඒජන්සිය අනතුරු අඟවා තිබේ.

Read More

’’පොලීසිය විතරක් නෙමෙයි විරෝධතාකරුවනුත් කඳුළු ගෑස් භාවිත කළා. මේ නිසා දෙපැත්තෙන්ම කඳුළු ගෑස් සඳහා ඉල්ලුම වැඩිවුණා’’ යැයි අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

Read More

ධවල මන්දිරයට අනුව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සඳුදා බෙලාරුසියානු නායකත්වයේ නියෝජිතයින්ට එරෙහිව පනවා ඇති සම්බාධක තවත් වසරකින් දීර්ඝ කර තිබේ.

Read More

එක්සත් ජනපදෙය් කෘෂිකර්මාන්ත දෙපාර්තෙම්න්තුෙවන් ක්‍රියාත්මක කරන “Food for Progress” මුලපිරීමට සහභාගිවන ශ්‍රී ලාංකික කිරි ගොවීන්ගේ කිරි නිෂ්පාදනය දෙගුණ කිරීම අරමුණු කරෙගන දියත් කෙරෙන ඇ.ඩො. මිලියන 27ක ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලංකාෙවේ කෘෂිකර්මාන්ත දෙපාර්තෙම්න්තුව සමග අවෙබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.

Read More

එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය සඳුදා ප්‍රකාශ කළේ රට පුරා මන්කිපොක්ස් රෝගීන් 470ක් සිටින බවත්, ඉන් අතිමහත් බහුතරය සමලිංගික හෝ ද්වීලිංගික පිරිමින් බවත්ය.

Read More

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කළ ආරාධනාවක් අනුව විපක්ෂනායක කාර්යාලයේ පැවැති වැඩසටහනකට තමන් එක්වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.

Read More

ග්වාතමාලාවේ අධික වර්ෂාවත් සමග ඇති වූ නාය යෑම්වලින් සැලකිය යුතු ජීවිත හානි ප්‍රමාණයක් සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

පොසොන් පොහොය යෙදෙන හෙට (14දා) සියලු බන්ධනාගාරවල රැඳවියන් සඳහා ශිල සමාදාන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බව බන්ධනාගාර මුලස්ථානය සඳහන් කරයි.

Read More

ෆයිරෝසාබාද් නගරයේ කවෙහ් සෝඩියම් කාබනේට් කම්හලේ එක් ඇමෝනියා ටැංකියක කාන්දුවක් හේතුවෙන් මෙම පිපිරීම සිදුවී ඇත.

Read More

නලින්ද ඉලංගකෝන් මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපති වරයා ලෙස පත් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. ඔහු මීට පෙර විදුලිබල මණ්ඩලයේ උප සභාපති වරයා ලෙස ද කටයුතු කළේය.

Read More

වැලිගම ප‍්‍රදේශිය සභාව මගින් කි‍්‍රයාත්මක කරන කාබනික පොහොර මධ්‍යස්ථානය නිරික්ෂණය කිරිම සඳහා එක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා බණ්ඩක්කා කරලක් බණ්ඩක්කා කරලක් අමුවෙන් ආහාරයට ගැනීමට කටයුතු කළේය.

Read More

මාතර , වැලිගම ප්‍රාදේශිය සභාව මගින් ක්‍රියාත්මක “කෘෂි නවෝදය” වැඩසටහන යටතේ බීජ සහ පොහොර නොමිලේ බෙදා දෙන වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13දා) වැලිගම ප්‍රාදේශිය සභාවේදී පැවැත්වුණි.

Read More

පාරිභෝගික අධිකාරියේ මාතර කාර්යාලයේ නිලධාරීන් විසින් මාතර දිස්තික්කයේ සහල් වැඩි මිලට විකුණන බවට පාරිභෝගිකයන් විසින් කරන ලද පැමිණිලිවලට අනුව කඹුරුපිටිය නගරයේ සිදුකළ වැටලීමකදී වෙළඳ සැලක් තුළ සඟවා තිබූ සහල් කිලෝ 6000කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට පාරිභෝගික සේවා කාර්යාලයේ නිලධාරීන්ට හැකි විය .

Read More

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන බවට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොන්දු වී ඇති බවත් එම සංශෝධනය ගෙන එන්නේ ජනපතිගේ වාසියට මිස අවාසියට නොවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ අහාර ද්‍රව්‍ය ලබා ගැනීමේ අරමුණින් වෙළෙඳ,වාණිජ හා අහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සහ බංගලාදේශ මහකොමසාරිස් තරික් අරිෆුල් ඉස්ලාම් මහතා අතර සාකච්ඡාවක් අද (13දා) එම අමාත්‍යංශයේදී පැවැත්විණි.

Read More

කොළඹ සිට මහනුවර දක්වා නව සීඝ්‍රගාමී සුඛෝපභෝගි දුම්රිය සේවයක් වග දුම්රිය ස්ථානයේ සිට කාර්යාල දුම්රියක් ධාවනයට සති අන්තයේදී ගල්කිස්සේ සිට යාපනය දක්වා නව සති අන්ත සීඝ්‍රග්‍රාමී දුම්රියක් කොළඹ කොටුවේ සිටි අනුරාධපුර දක්වා නව සීඝ්‍රගාමී දුම්රිය සේවයක්

Read More

බවුසර් රථවලට ලැබෙන ඉන්ධන ඇනවුම් ප්‍රමාණය ඉන්ධන අර්බුදයත් සමග අවම වී ඇති බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා පවසයි.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මාසිකව නිකුත් කරන මාසික ක්‍රීඩකයාට හිමි සම්මානය මැයි මාසයට අදාළව ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට හිමිව තිබේ.

Read More

දියතලාව නගරය හා අවට ප්‍රදේශයට අද (13දා) පස්වරුවේ අයිස් වැස්සක් ඇද හැලුණු බව ප්‍රදේශවාසීහු පවසති.

Read More

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ශාෆි සිහාබ්ඩීන් මහතා හිඟ වැටුප් හා දීමනා ලෙස ලැබුණ රුපියල් ලක්ෂ 26කට අධික චෙක්පත නැවතත් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මිලදි ගැනීම වෙනුවෙන් පරිත්‍යාග කිරිමට ඔහු තීරණය කර තිබේ.

Read More

රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා නව සභාපතිවරුන් පත්කිරීම ජනමාධ්‍ය සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අද (13දා) ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී සිදුකර තිබේ.

Read More

ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩෝ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා වෙත යොමුකර තිබේ.

Read More

මොරගොඩ පොලිස් වසමේ ලබුනෝරුව සන්දනම්කුලම වැව අසලදී රථ වාහන දෙකක් නවතා එහි ගමන් කළ පිරිසක් බිමට බස්සවා පහර දී එක් පුද්ගලයෙකුට අයත් ලක්ෂ දොළහකට වැඩි රන් භාණ්ඩ කොල්ලකා යතුරුපැදියකින් පළා ගිය දෙදෙනෙකු ඇතුළු පහරදීමට සම්බන්ධ පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (12දා) විමර්ශනයක් ආරම්භ කළ බව මොරගොඩ පොලීසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.