පවතින දුෂ්කරතාවලට සාර්ථකව මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ ණය බර ලිහිල් කිරීමට තම රට අඛණ්ඩ මෙන්ම ධනාත්මක කාර්යභාරයක් ඉටුකරන බව චීනය කියාසිටී.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීනය ප්‍රමාණවත් අයුරින් ක්‍රියා කර නැතැයි, දේශපාලන කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය පවසා තිබේ. ඊට ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නිංග් මහත්මිය අද (3) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී කියාසිටියේ, ඇමරිකාව ප්‍රකාශ කරන තොරතුරු සත්‍ය නොවන බවයි.
චීනයේ ආනයන- අපනයන බැංකුව, ණය තිරසාරභාවය සඳහා සහාය දක්වන ලිපියක් ශ්‍රී ලංකාවට දැනටමත් ලබා දී ඇති බවත්, ශ්‍රී ලංකා පාර්ශ්වය ඒ පිළිබඳව ධනාත්මක අදහස් මෙන්ම ස්තුතිය පළ කළ බවත් ඇය ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා කිරීමට මෙන්ම තම රටට අදාළ ණය ප්‍රමාණය නිසි ලෙස කළමනාකරණය කිරීමට චීනය සිය මූල්‍ය ආයතනවලට සැමවිටම සහාය දෙන බව ද ඇය වැඩිදුරටත් පැවැසුවාය.