රට මුහුණ දෙන තත්තවයට සියලු දෙනා අඩු වැඩි වශයෙන් වගකිව යුතුයි
ශ්‍රී ලංකාව මේ වන මුහුණ දෙන තතත්වයට සියලු දෙනා අඩු වැඩි වශයෙන් වගකිව යුතු බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතමින් ප්‍රකාශ කළේය.
" අපි මුල ඉදලාම වරද්දා ගත්තා ඒ් වරද නිවැරදි කරන්න උත්සාහ ගත්තා. වෙහෙසවීම් කළා. ඒ් ත් සියයට 100ක් නිවැරදි කර ගැනීමට හැකි වුණේ නෑ" යැයි ජනපතිවරයා පැවැසීය.
නිදහසින් පස්සේ අපි බෙදුනා. ජාති ආගම් පළාත් වශයෙන් බෙදුනා. ඒකිනෙකා කෙරෙහි සැකය වෛරය ඇතිවන තරමටම බෙදුනා. විවිධ කණ්ඩායම් බලය ලබා ගැනීමට මේ බෙදීම යොදා ගත්තා. තව තව බෙදීම් ඇති කළා.
ඒ් අය පරාජය කරනවා වෙනුවට අපි ඒ් අයටම බලය දුන්නා. දේශපාලනයේ ඇත්ත කියපු අය ජනතාව ප්‍රතික්ෂේප කළා. පිළියම් හොයන අයට තැනක් ලැබුණ නැති තරම්.
බොරුවෙන් හිත සතුටු කරපු අයට අවස්ථාව ලැබුණා. අපි පොරොන්දු දේශපාලනයක හිරවුණා. රැකියා බොදා දුන්නා. සම්පත් බෙදා දුන්නා. ඡන්දය දුනේ රට වෙනුවෙන් නෙමෙයි.
අපි වැඩි වැඩියෙන් ණය ගත්තේ පාරිභෝජනයට මිය ආයෝජනයට නෙවෙයි. නමුත් බුදුන් වදාලේ ණය ගත යුත්තේ ආයෝජනයට මිස පාරිභෝජනයට නෙවන ලෙසයි. අපි බුදුන් වදාළ ධර්මයට පිටින් කටයුතු කළා.
අපි දැන් විනාශය කරා ඇවිත් තියෙන්නේ. මේ තුවාලය ඉදිරියට පවත්වාගෙන යන්න ඇතැම් අය කැමතියි. අපි මේ තුවාල සැත්කමක් කරලා හොඳ කර ගනිමු.
නමුත් මෙය වේදනාකාරියි. මේක කෙටි කාලයකට වින්දොත් අපිට තුවාලය නිට්ඨාවටම සුවවිය හැකියි. මේ අර්බුදය ජයගන්න අපිට යන්න තියෙන්නේ ඒකම ඒක පාරයි. දේශපාලන අවශ්‍යතා නිසා මේ ඉනිමග පැත්තකට දැම්මොත් අපිට හෙටක් නෑ.
මේ අවුරුද්දේ මුල් මාස හය පමණ කාලය අතිශය දුෂ්කරයි. මේ තත්ත්වයට අපි මුුුුහුණ දිය යුතුයි. දේශපාලන සීනි බෝල කථාවලින් මේ අර්බුදයට විසදුමක් නෑ.
අපි මේ ආර්ථකය නවීකරණයට ලක්කර ලෝකයට විවෘත කළ යුතුයි. ජනතාව රැවටීමට ලක්කරමින් ඔවුන් සදාතනික දුප්පතුන් කරන දේශපාලනය නවතා දැමිය යුතුයි. ක්‍රම වෙනසකට අපි මුලපුරනවා. ඒ් වෙනුවෙන් ගන්නා තීන්දු වේදනායි.
මේ අරමුණු ජය ගැනීමට අපි පටු දේශපාලනයෙන් ඉවත් විය යුතුයි. ශ්‍රී ලාංකිකයන් ලෙස අපි ඉදිරියට යා යුතුයි. ඒ් සඳහා මුළික පියවර සකස් කර අවසන්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට අපි දුෂ්කර කාර්යයන් සාර්ථක කර ගනිමින් යනවා. අපි යුගයකට ගැලපෙන වෙනස් කම් කළ යුතුයි.
අලුත් ක්‍රම වේදය තුළ තරුණ මෙන්ම කාන්තා නියෝජය වැඩි කළ යතුයි. උතරු නැගෙනහිර ජනතාව මුහුණ දෙන ගැටලු සඳහා කඩිනම් විසදුම් ගත යුතුයි.
ඒකීය රාජ්‍යයක් තුළ උපරිම බලය බෙදා හැරිමක් වෙනුවෙන් පියවර ගන්නවා. නමුත් කිසිවිටෙක අපි රට බෙදන්නේ නෑ. අපි හදන්නේ රෝග නිධානයට පිළියම් දෙන්න.
ජනපතිවුණාට පස්සේ මම ගත්ත තීන්දු ජනපිය තීන්දු නිසයි. අද කිසිම කෙනෙක් තෙල් පෝලිම්වල නෑ. ගැස් නොමැතිව කුස ගින්නේ නෑ. මම රටට ආදරය ජනතාව සමග ඒක්ව රට ඉදිරියට ගෙනි යනවා.
අපිට 2048 වෙද්දී සංවර්ධිත රාජ්‍යයක් වෙන්න පුළුවන්. මේ දුෂ්කර අවධිය ජය ගැනීමට ඒක්වෙන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඉදිරි වසර 25 සඳහා සකස් කළ සැලසුම් අනුව ඉදිරියට යමු.
මේ සඳහා ශ්‍රී ලංකාවේ සිටින අපි සැම විතරක් නෙමෙයි ලොව පුරා විවිධ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් ඒක්විය යුතුයි. අපි සියලු දෙනා ඒක්වෙමි. 2048දී ලෝකයේ ඉහළින්ම සිටින රටක් බවට පත්කර ගමු."
popular news
-
Kumar Saturday, 04 February 2023 03:22 PM
lokudeshnawak karanna oney naha. cabinet amathiwaru pathakara kara wiyamda suluwashayen adukaranne kohomada. thamange gewalkuli, vidulibil, wathura bila gewanney nathi deshapaluwant rata godananna baha. Janadhipathi thumata labana maha chandaya thek balaye inna puluwan.
Reply : 0 0
Samson De Silva Sunday, 05 February 2023 02:02 AM
Moota olmaadaya. Yako, janathaawa chandayen paraajaya karalaa deshapalanayen elawapu ekek ewith hora paaren janaadipathi wunu ratak kohewath thiyenawada? Onna oya wagey paadada wedawalata ida deepu eka thamayi mey ratata wunu wishaalama saapaya. Awurudu 50k mululle rata kaapu ekek rata winaashaweemata hethu kiyala denawaa. Wihilu karanna epaa. Denwath makabewiyan.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
