ව්‍යාජ රුපියල් 500 නෝට්ටු 700ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. පුදුකුඩිඉරිප්පු දේවපුරම් ප්‍ර දේශයේදී ව්‍යජ නොට්ටු මුද්‍රණය කරන බවට පොලීසියට ලැබුණ තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 40ක් වන ත්‍රිකුණාමලය පදිංචිකරුවෙක් වන අතර ඔහු සමග මුදල් මුද්‍රණය කිරීම වෙනුවෙන් යොදාගත් මුද්‍රණ යන්ත්‍රයද අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.