ජාතික ඉන්ධන බලපත්‍රය යාවත්කාලින කිරිම ඉරිදා දනයේ සිට අඟහරුවාදා දිනයට මාරු කිරීමෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මසකට රුපියල් මිලියන 30ක පමණ ඉතිරියක් සිදුවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථව, කොල්නාවේ පිහිටි ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය හා ප්‍රා දේශීය වශයෙන් පිහිටා ඇති බෙදා හැරීමේ මධ්‍යස්ථාන 11න් රුපියල් මිලියන 19.5ක පමණ සජු වියදමක් හා තවත් මිලියන 10ක පමණ වක්‍ර පිරිවැයක් ඉරිදා දිනයන්හි දැරීමට සිදුවන බව අමාත්‍යවරයා පවසයි.
