පාන් භාගයයි පරිප්පු පීරිසියයි රු 130ට - කොත්තු මිලත් අඩුවෙන හැඩ
පාන් භාගයයි පරිප්පු පීරිසියේ මිල අද (09)මධයම රෑ සිට රුපියල් 130දක්වා අඩු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා කීවේය.
ඇල්පිටිය පොරවගම ආපනශාලා හිමියන්ගේ සංගමයේ මූලස්ථානයේ පැවති මාධය හමුවකදී අසේල මහතා මේ බව කීවේය.
ඒ අනුව හෙට (10)උදේ සිට ආපනශාලාවලින් පරිප්පු පීරිසියයි පාන් භාගයයි රුපියල් 130 මිලකට ලබා ගත හැකි බවද අසේල මහතා කීය.
පරිප්පු මිල හා පාන් පිටි මිල පහත දැමීමේ වාසිය පාරිභෝගිකයින්ට ලබාදීම සදහා මේ පියවර ගත් බවද අසේල මහතා කීවේය.
මෙතෙක් කලක් පරිප්පු පීරිසියයි පාන් භාගයයි රුපියල් එකසීය අසූව දක්වා මිලකට ඉහල ගොස් තිබූ බවත් පාන් පිටි ඇතුළු අනෙක් පාරිභෝගික ද්‍රව්‍යවල මිල පහත දමා ඇති බැවින් ඉදිරියේදී කොත්තුවේ මිලත් අඩු කිරීමට පියවර ගන්නා බවද අසේල මහතා කීය.
කරන්දෙණිය සුසිල් ප්‍රියන්ත
popular news
-
Kulasinghe Friday, 10 March 2023 08:44 AM
Bread and dhal Curry, shows the standard of living of SL
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

