saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 4664 hours ago

LATEST

මතීෂ, දික්වැල්ල, අසිත ඔස්ට්‍රේලියාවට

calendar_today 2022 ඔක් 24 - 14:20 remove_red_eye - 902  

පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ආබාධ තත්ත්වයන් වැඩි වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩකයන් තිදෙනෙක් ඔස්ට්‍රේලියාව වෙත යොමුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ.

ප්‍රමිතියෙන් තොර අටපිරිකර අලෙවි කෙරෙන ගම්පහ දිස්ත්‍රික්කයේ වෙළඳසල් වැටලීමට පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය පියවර ගෙන ඇති අතර බොහෝ පිරිකර තුල දැලි පිහිය ඇතුලු පිරිකර අට නොමැති බව විමර්ශන නිලධාරීන්ට පෙනී ගොස් ඇත.

Read More

මේ වසරේ දැනටමත් ක්‍රියාත්මක කර ඇති රුපියල් මිලියන 800 කට අධික ප්‍රධාන සුබසාධන සහ සහන වැඩසටහන් සඳහා වන පිරිවැය පියවා ගැනීම සඳහා 2023 අයවැයේදී රජයට තවදුරටත් බදු වැඩි කිරීමට සිදුවනු ඇතැයි භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසූ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

Read More

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිලේ උච්චාවචනයන් අනුව අපි හිතනවා නොවැම්බර් මස මුලදි නැවත වතාවක් ගෑස් මිල අඩු කරන්න යැයි ලිට්‍රෝ මාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

Read More

විදේශ විනිමය අර්බුදය හේතුවෙන් පසුගිය ගෝඨාභය රාජපක්ෂ රජය සමයේදී වාහන ආයනනය තහනම් කිරීමට ගත් ක්‍රියාමාර්ගය ලබන වසර තුළදීද ක්‍රියාත්මක වෙනු ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි.

Read More

කවුරු කොහොම කීවත් කවුරු බලයට ආවත් ඉදිරි පාර්ලිමේන්තුවලත් නිමල් සිරිපාල සහ තමා ඇමතිවරු බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමති , ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හිටපු උප සභාපති මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා බදුල්ල පුහලේදී ඊයේ (23දා) පැවති පාක්ෂික හමුවකදී පැවසීය .

Read More

හැටන් නගරයේ පිහිටි සුපිරි වෙළදසැලක මත්පැන් අලෙවි සැලේ (23) දින පමණක් රුපයල් ලක්ෂ පනහක මත්පැන් අලෙවියක් සිදු කල බව එම සුපිර වෙලදසැල් නිලධාරියෙකු පැවසිය.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ හැටන් දුම්රිය ස්ථානයට යාබදව දුම්රය මාර්ගයට අද (24දා) අලුයම 05.00 ට පමණ කැලි කසල සහිත විශාල පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු පැය තුනක කාලයක් ඇන හිට තිබු බව හැටන් දුම්රිය ස්ථානාධිපතිවරයා පැවසිය.

Read More

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනත යාවත්කාලීන කොට එහි ක්‍රියාකාරීත්වය ප්‍රතිව්‍යුහගතකිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා වෙත නිර්දේශ කිරීම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පසුගිය දා සිදු කරන ලදී.

Read More

ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගයේද සිටින බවත්, ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ මේ වනවිට පක්ෂයේ නීතිඥවරුන්ගෙන් විමසීමක් සිදු කර ඇති බවත් එම පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

Read More

අගෝස්තු 01 වැනිදා සිට ම එතෙක් කැසිනෝ ශාලාවක් සඳහා තිබූ වාර්ෂික රුපියල් කෝටි 20ක් වූ බදු මුදල රුපියල් කෝටි 50 දක්වා වහාම වැඩි කරන ලද බවත් මුදල් රාජ්‍ය අමාත්‍යාංශය දන්වා සිටියි.

Read More

එහිදී සාගර කාරියවසම් මහතාගේ පාර්ශ්වයට සනත් නිශාන්ත, ජයන්ත කැටගොඩ, රෝහිත අබේගුණවර්ධන, ගාමිණී ලොකුගේ යන මන්ත්‍රීවරුන් ඇතුළු 15 දෙනෙකු පමණ මේ වනවිට එක්ව ඇති අතර, එහිදී ඔවුන් පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා බලයට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව සඳහන්ය. මීට අමතරව ජොන්ස්ටන් ප්‍රනාන්දු, කනක හේරත් මෙන්ම රාජ්‍ය අමාත්‍ය ධුර දරන සහ තරුණ මන්ත්‍රීන් පිරිසක් නාමල් රාජපක්ෂ මහතා සමග එක්ව කටයුතු කරන බව වාර්තා වේ.

Read More

2022 වසරේ සැප්තැම්බර් මස අවසන් වනවිට රාජ්‍ය දැව සංස්ථාව රුපියල් මිලියන 3735ක ලාභයක් උපයා තිබේ.

Read More

ඇමරිකා එක්සත් ජනපදයේ සියැටෙල් වරායේ සිට පසුගිය 2022 සැප්තැම්බර් මස 03 වන දින කොළඹ වරාය බලා ගමන් ආරම්භ කල පී 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව 2022 ඔක්තෝබර් මස 22 වන දින උදෑසන සිංගප්පූරුවේ චැංගී වරායට සේන්දු වූ අතර, එම අවස්ථාව සඳහා සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්, ශෂිකලා ප්‍රේමවර්ධන මහත්මිය සහභාගී වන ලදි.

Read More

මීළඟ පළාත් පාලන මැතිවරණය2023 මාර්තු මස 20 වැනිදාට පෙර පැවැත්වීමට දැනට තීරණය කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල්පුංචිහේවා මහතා මාතලේදී පැවසීය.

Read More

සෞභාග්‍යය ගෙන ඒමට යැයි කියා පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ’හොඳටම කිරීමට ගොස්’ ලක්ෂ 30ක්ව පැවති දුප්පත්භාවය ලක්ෂ 96 දක්වා ඉහළ දමා ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

Read More

නොරොච්චෝල ලක්විජය ගල් අඟුරු බලාගාරයේ දෙවැනි ජනන යන්ත්‍රෙය් අලුත් වැඩියා කටයුතු අවසන් කර තිබේ. මේ අනුව එම යන්ත්‍ර යේ මෙහෙයුම් කටයුතු යළිත් අද දිනයේදී ආරම්භ කර තිබේ.

Read More

තියුණු තරගයකින් අනතුරුව පාකිස්තාන කණ්ඩයම පරාජය කරමින් පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගය ජය ගැීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

Read More

හිිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 8 දෙනෙකුට ජනපති සමාව හිමිව තිබේ. ජනපතිවරයාට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල අනුව මෙම හිටපු සාමාජිකයන් 8 ට ජනපති සමාව ලබාදී තිබේ.

Read More

විශ්වවිද්‍යාල පද්ධතියේ ප්‍රමාදය වළක්වා සිසුන්ට නියමිත කාලය තුළ අධ්‍යාපනය අවසන් කිරීමට අවස්ථාව සලසන බව ජනපති පවසයි. අධ්‍යයන කටයුතු ආරම්භයේ දී මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ප්‍රමාදය වළක්වා සිසුන්ට නියමිත කාලය තුළ අධ්‍යාපන කටයුතු අවසන් කිරීමට අවස්ථාව සලසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

2022 ඔක්තෝම්බර් 25 වන දින හිරු බැසයාමට ආසන්නයේදී ඉතා සුළු මට්ටමෙන් දිස්වන අර්ධ සූර්යග්‍රහණයක් බටහිර ක්ශිතිජයට ආසන්නව දැකගත හැකි බව කොළඹ විශ්විද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂක මහාචාර්ය චන්දන ජයරත්න පවසයි. මෙම ග්‍රහණය යුරෝපය, උතුරු අප්‍රිකාව, මැදපෙරදිග සහ ආසියාවේ බටහිර ප්‍රදේශවලින් බොහෝමයකටද දිස්වේ. ලංකාවේ අපට ග්‍රහණය හොඳින්ම දිස්වනුයේ යාපනය ප්‍රදේශයටය .

Read More

ආණ්ඩුව බරපතළ ආර්ථික අමාරුකම් මැද්දේ සිටින බවත් අද රටේ දැඩි ආහාර අර්බුදයක් පවතින බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23) උදෑසන පොළොන්නරුවේ දී පැවසිය.

Read More

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මුතුරාජවෙල වැලි අංගනයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයට මුහුදු වැලි යොදා ගත හැකි ආකාරයේ වැඩපිළිවෙලක් සකසමින් සිටින බව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසයි.

Read More

රටට ආයෝජන ගේන්න, ව්‍යාපාර දියුණු කරන, රටට තාක්ෂණික උපදෙස් දෙන්න ජනතාවට ද්විත්ව පුරවැසිකම ලබාදීම ගැටලුවක් නොවන නමුත් මහජනයාගේ ස්වෛරී බලය පාවිච්චි කිරීම සඳහා ද්විත්ව පුරවැසියෙකුට බලය ලබාදීම කිසිසේත්ම නොකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා අයර්ලන්ත කණ්ඩායම අතර පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක ජයක් වාර්තා කිරීමට සමත්විය. ලකුණු 129ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 15කදී ලකුණු 133ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කළේය. ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් නොදවී ලකුණු 68ක් වාර්තා කිරීමට සමත්විය.

Read More

චීනයේ ජනපති ලෙස තෙවැනි වරටත් සිය ධුරය තහවුරු කර ගැනීමට වත්මන් ජනපති ෂී ජින්පින් සමත්විය. ඒ චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජතික කොංග්‍රසයේදී යළිත් වරක් ඔහු කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ලෙස පත්වීමත් සමගිනි.

Read More

’’2015දි ජනධිපතිවරණයට මුලින්ම පොදු අපේක්ෂකයාට තොරාගත්තේ මාව. පක්ෂය පාවා දෙන්න බැරි නිසා ගියේ නෑ. එදා පක්ෂය පාවා දීලා ගිහින් ජනාධිපති වුණ අය අද ඒ්කාධිපතියෙකු ලෙස හෙංචයියන් කිහිප දෙනෙකු සමග පවුල් වාදය රකිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙහෙයවනවා’’

Read More

යාපනය කන්කසන්තුරෙයි ප්‍රධාන මාර්ගයේ මාවිට්ටපුරම් ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ වෑන් රථයක ඊයේ (22) රාත්‍රියේ හදීසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් වෑන් රථය සම්පූරණයෙන්ම විනාශ වී ඇතැයි කන්කසන්තුරෙයි පොලීසිය පැවසීය.

Read More

බලශක්ති ක්ෂේත්‍රයට අදාළ ප්‍රතිසංස්කරණ නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට බලපොරොත්තු වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ලබාදීමේ වෙනසක් සිදුකිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. ඒ අනුව දෙවැනි ප්‍රශ්න පත්‍රය මුලින් ලබාදී ඉන් අනතුරුව පළමු ප්‍රශ්න පත්‍රය ලබාදීමට නියමිතය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.