නවීන පන්නයේ, ස්වයංක්‍රීය වී මොල් ලබාදෙන බව පවසා, මොණරාගල දිස්ත්‍රික්කයේ විවිධ පුද්ගලයින්ගෙන් රුපියල් කෝටි 03කට ආසන්න මුදලක් වංචාකළ බව කියන ව්‍යාපාරිකයකු, පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කිරිමෙන් පසු ලබන අප්‍රේල් මස 18දා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට, මොණරාගල මහේස්ත්‍රාත් සජිනි අමරවික්‍රම මහත්මිය ඉකුත් 07දා නියෝග කලාය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලද්දේ, රාජගිරිය ක්ලියර් පොයින්ටි රෙසිඩන්ස් හි පදිංචිව සිටි , මෙරටට වි මෝල් සහ ඒ ආශ්රිත අංගෝපාංග විදේශරටවලින් ගෙන්වා බෙදාහරින සමාගමක හිමිකරැවකුය.
පොලොන්නරැව, දමිවින්න,පුබුදුගම ප්‍රදේශයේ මුල්පදිංචිය හිමි මෙම පුද්ගලයා,පන්නිපිටිය ඇරැවිවල ප්‍රදේශයේ ලිපිනයකින් මෙම ව්‍යාපාරය ලියාපදිංචි කර ඇති බවත්, අනතුරැව, මහරගම, කොළඹ, අංගොඩ හා බොරලැස්ගමුව යන ප්‍රදේශ මුල්කර ගනිමින් මෙම ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන ගොස් ඇති බවත් මේ පිළිබඳව විමර්ශණ කටයුතු සිදුකරන මොණරාගල කොට්ඨාස විශේෂ අපරාධ විමර් ශන කාර්යංශයේ නිළධාරියකු සමග පැවසිය.
බන්ධනාගාරගත කරන ලද මෙම ව්‍යාපාරිකයා හා ඔහුගේ සමාගමේ නියෝජිතයින් 2021 වසරේ සිට මොණරාගල දිස්ත්‍රික්කයේ විවිධ පුද්ගලයින්ගෙන් ස්වයංක්රියවි මොල් ලබාදෙන බව පවසා රැපියල් ලක්ෂ ගනනින් මුදල් එකතුකර ඔවුන්ට වී මොල් ලබා නොදී මෙසේ මුදල් වංචාකර තිබෙන බව පොලිස් විමර්ශණ වලදි අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට මොණරාගල දිස්ත්‍රික්කයේ දඹගල්ල, කොටියාගල, ඔබ්බෙගොඩ, මහකලුගොල්ල, මාලිගාවිල ආදි ප්‍රදේශවල පුද්ගලයින් 05කු මොණරාගල කොට්ඨාශ විශේෂ අපරාධ විමර් ශණ කාර්යංශයටත්, තවත් පුද්ගලයින් 06කු මොණරාගල පොලිස්ථානයේ විවිධ පැමිණිලි අංශයටත් පැමිණිලිකර ඇති බව පොලිසිය පවසයි.
සැකකාර මෙම ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර ඇත්තේ මොණරාගල කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශණ කාර්යංශයට පුද්ගලයින් 05කු කල පැමිණිල්ලට අනුවය.
පොලීසිය පවසන්නේ නවීන ස්වයංක්‍රිය වී මොල් ලබාදෙන පවසා, අත්තිකාරම් වශයෙන් පැමිණිලිකරැවන්ගෙන් රැපියල් විසිපන්දහස බැගින් ලබාගෙන, පසුව රැපියල් ලක්ෂ ගණනි එම පැමිනිලිකරැවන් හරහා සැකකාර ව්‍යාපාරිකයාගේ සමාගමේ ගිණුමට මුදල් බැර කරවාගෙන ඇති බවයි.
මෙම මුදල් බැරකල සියලු දෙනා පාහේ වී මොල් ලබාගැනීමේ අරමුණින් මුදල් සපයාගෙන ඇත්තේ බැංකු ණය ලබාගෙන බවත් මේ නිසා එම පුද්ගලයින් දැඩි ලෙස අසරණ වි ඇති බවත්, මොණරාගල උසස් පොලිස් නිළධාරියකු පැවසිය.
මෙම නඩුව 2023 අප්‍රේල් මස 18 දා නැවත කැදවිමට නියමිතය.
මොණරාගල නයනජීව බණ්ඩාර