පවාහිනී සහ ගුවන් විදුලි නාලිකාවන් ඇතුළු විද්‍යුත් හා සමාජ මාධ්‍ය මඟින් ප්‍රචාරය කෙරෙන ගීත නිර්මාණයන් සඳහා අදාල ආයතන විසින් කතෘභාග ගෙවීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ඊයේ දින (06)දා වෙළෙඳ අමාත්‍යාංශයේදී කලාකරුවන් රැසක් සමඟ සාකච්ඡාවක් පවත්වන ලදී.
මේ සම්බන්ධයෙන් බලයලත් ආයතනය වන වෙළෙද අමාත්‍යාංශය යටත් පවතින ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය හරහා මෙම කතෘභාග ගෙවීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට අදාළව නෛතික රාමුවක් සැකසීම සඳහා වන මූලික සාකච්ඡා මේ වන විටත් ආරම්භ කර ඇති අතර, යම් ගීත නිර්මාණයක මුල් නිර්මාණය මෙන්ම පසුව ඒ ආශ්‍රිතව නිර්මාණය කෙරෙන පත්රිනිර්මාණ (Remake) වලට අදාළව ඒ ඒ මාධ්‍ය ආයතන විසින් සිදු කළ යුතු ගෙවීම් පිළිබදවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.
මෙහිදී ගීතයක නෛතික අයිතිය සම්බන්ධයෙන් ගායකයාට, තනු නිර්මාණකරුවා හා පද රචකයාට පවතින ගැටලුවලට අවශ්‍ය විසදුම් සෙවීම සඳහා අමාත්‍යාංශ නිළධාරීන්, බුද්ධිමය දේපළ කාර්යාලයේ නිළධාරීන් ඇතුළත් විශේෂ කමිටුවක් හරහා ඔවුන්ගේ නිර්දේශ අනුව වාර්තාවක් ලබා ගෙන කඩිනමින් විසදුම් ලබා දීමටත්, මෙම ගැටලු සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ඊට සම්බන්ධ අනිකුත් අමාත්‍යාංශ සමඟද සාකච්ඡා කර අවශ්‍යය ඉදිරි පියවර ගැනීමටත් අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන් හට උපදෙස් ලබා දෙන ලදී.