මත් කුඩු ග්‍රෑම් 4 මිලිග්‍රෑම් 600ක් යතුරුපැදියකින් ප්‍රවහනය කරමින් සිටි පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි කොකාවැව පොලිසිය පවසයි.
ගලෙන්බිඳුණුවැව කොකාවැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලුෂ රුවන් ජයවර්ධන මහතාට ලැබුණු තොරතුරකට අනුව කොකාවැව පොලිස් ස්ථානයේ නිළදාරීන් කණ්ඩායමක් දුටුවැව කටරම්පුර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී , කොළඹ සිට දුටුවැව ප්‍රදේශයට යතුරුපැදියකින් මත්ද්‍රව්‍යය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කොකාවැව පොලිස් ස්ථානයේ නිලධාරීන් සමත්ව ඇති අතර මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී මත් කුඩු ග්‍රෑම් 4 මිලිග්‍රෑම් 600 ක් සොයාගැනීමට වු බව කොකාවැව පොලිස් ස්ථානාධිපති පවසයි.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු දුටුවැව කටාරම්පුර ප්‍රදේශයේ පදිංචි චන්ද්‍රසේකර මුදියන්සේලාගේ පල්ලේවලව්වේ ප්‍රබාත් අනුරුද්ධ බංඩාරව නමැත්තෙකු වන වයස අවුරුදු 35 ක පුද්ගලයෙකු බවත් මෙම සැකකරු යුද හමුදා සේවයේ නිරතව සිට අති අතර මීට මාස 3 කට ඉහතදී හෙරොයින් ජාවාරමේ නිරතවීමේ චෝදනාවකට වරදකරු වී යුධ හමුදා සේවයෙන් තාවකාලිකව ඉවත්කළ පුද්ගලයකු බව පොලිසිය සිදුකල මුලික පරික්ෂණ වලින් අනාවරනයවු බව සදහන් වෙන අතර අත්අඩංගුවට ගත් එම සැකකරු හෙට( 08) දින කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොකාවැව පොලිස් ස්ථානය මගින් සිදුකරනු ලබයි