ත්රිකුණාමලය පොලිස් වසමේ විජිතපුර සහ පඩික්කෙයි යන ගම්මාන දෙකක ධීවරයින් දෙපිරිසක් අතර හටගත් ගැටුමකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා, එම ගම්මානවල නිවාස 11 ට හානි සිදුවී, ඇති බව ත්රිණාමලය පොලිසිය පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බවත් පිරිසක් අත්අඩංගුවට අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලිසිය පවසයි.
විජිතපුර සහ, පඩික්කෙයි ධීවර ගම්මානයේ ධිවරයින් ධීවර කටයුතු සඳහා ගොස් සිටියදී ඊයේ (6) ඇති වු ගැටළුවක් මුල් කර ගෙන බහින්බස් වීමක් සිදුව ඇති බව පොලීසිය පවසයි.
පසුව ඔවුන් ගොඩබිමට පැමිණීමෙන් පසුව තිරුකඩකලුර් කේණම් වෙරළ තීරයේදී යළිත් ගැටුම ඇති වී ගල් මුල් වලින් සහ බෝතල් වලින් ප්රහාර එල්ල කරගෙන ඇති බවද පොලිසිය පවසයි.
ගැටුම වර්ධනය වීමත් සමඟම නොසන්සුන්වි වූ පිරිස් විජිතපුර ගම්මානයේ නිවාස 7 ට පහරදී අලාභානි සිදු කර ඇති අතර, විජිතපුර ධීවරයින් පඩික්කෙයි ගම්මානයට කඩා වැදී එහි නිවාස 4 ට පහර දී අලාභහානි සිදු කර ඇති බවට වාර්තා වූ බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා ඇතුලු හය දෙනා ත්රිකුණාමලය මූලික රෝහලේ ප්රතිකාර ලබමින් පසුවෙයි.
සිද්ධිය සැලවීමත් සමගම නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ භට කණ්ඩායම් එම ගම්මාන වෙත ගොස් ගැටුම් මැඩ පවත්වා තත්ත්වය පාලනය කර ඇත.
ගැටුම මැඩ පැවැත්වීමෙන් අනතුරුව නාවික හමුදාව සහ විශේෂ කාර්ය බලකාය එක්ව ගම්මාන දෙකේ ආරක්ෂාව තර කර ඇත.
අද (7) දිනයේද ගම්මානයෙ ආරක්ෂාව තර කර තිබූ බව පොීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ධීවරයින් සිව්දෙනා අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.
ත්රිකුණාමලය පොලිසිය සිද්ධිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
ඉන්දිකා රාමනායක