සමගියේ කිසිවෙක් ආණ්ඩුවට යන්නේ නෑ යන්න අවසර දෙන්නෙත් නෑ
"අපේ රට බංකොළොත් කළ හොරාකාපු දුෂිත මේ ආණ්ඩුවට සමගි ජන බලවේගයේ කිසිම මන්ත්‍රිවරයෙක් යන්නේ නෑ, යන්න අනුමැතියත් අවසරයත් මම දෙන්නේ නෑ.ර ජය කරන හොද වැඩ අපි විවේචනය කරන්නේ නෑ. අද ආණ්ඩුවේ ඉන්න මහින්දානන්ද ඇතුළු හිටපු ඇමතිවරුන්ට මේ ආණ්ඩුවේ ඇමතිකම් නොළබීම ගැන මම දකින්නේ දිට්ඨදම්ම කර්මය පටිසන් දුන්නා කියලයි.දැන් ජන්දයක් තියලා ජනතාවට කැමති රජයක් පත්කරගන්න ඉඩ දෙන්න" යැයි සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බංඩාර මහතා මාධ්‍ය හමුවක් පවත්වා බිබිලේදි පැවැත්විය,
බිබිල මැදගම පිහිටි රංජිත් මද්දුම බංඩාර මහතාගේ නිවසේදි මාධ්‍ය හමුවක් පවත්වමින් ලේකම්වරයා එසේ පැවසීය
එහිදි තවදුරටත් අදහස් දැක්වු රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙසේද පැවසීය.
"අද ආණ්ඩුවට බාලගිරි දෝෂය වගේ දැන් ආණ්ඩුවට වැළේ වැල් නෑ කළින් සජබෙන් 40ක් එනවා කීවා දැන් කියනවා එන්නේ එකයිලු, රාජිතට යන්නත් අපෙන් අවසරයක් නෑ, එයා කොහොමත් යන්නෙත් නෑ, රාජිත තමයි ආණ්ඩුවේ දුෂණයට එරෙහිට කටයුතු කළේ ඩුබයි බැංකුවල රාජපක්ෂ රෙජිමයේ සල්ලි තියෙනවා කීවේ එයා එහෙම කියපු පුද්ගලයෙක් ආණ්ඩුවට යයිද එයා යන්නේ නෑ එයත් කියලා තියෙනවා පක්ෂයක් විධියට තමයි තීරණ ගන්නේ කියලා.
ආණ්ඩුව ගේන දුෂණ විරෝධි පනතට අපි ජන්දය දෙනවා,නමුත් ත්‍රස්ත්‍ර විරෝධි නතට අපි ජන්දය දෙන්නේ නෑ,අද මේි රටේ 50%ක් තුන්වේල කන්නේ නෑ,මිලියන 2.5ක් දරිද්‍රතාවයෙන් වගේම මන්දපෝෂණයෙන් පෙළෙනවා,ආණ්ඩුව හතර ගුණයකින් බදු වැඩි කරලා 20%ක් අඩු කළරලා ආර්ථිකය ජය ගත්තාලු,මේක මහ විහිලුවක්,මේ ආණ්ඩුව බලයට ආවේ ජාති,ආගම් වර්ගවාදයෙන් ඉරිදා පාස්කු ප්‍රහාරයෙන් බලයට ආපු ආණ්ඩුවක් ගැන තවත් මොන කතාද යැයි රංජිත් මද්දුම බංඩාර මහතා පැවසීය'
ලුණූගල ප්‍රසන්න පත්මසිරි
popular news
-
Deepal Nirosh Saturday, 08 April 2023 02:54 PM
එහෙමයි ස්වාමීනි, සමගියේ අපි කවුරුවත් ආණ්ඩුවට යන්නේ නැහැ, කිසි කෙනෙකුට ආණ්ඩුවට යන්න දෙන්න අවශ්‍යත් නැහැ, මොකද අපි කොහේ හිටියත් ඉන්නෙ මේ ආණ්ඩුව එක්කනෙව.
Reply : 0 0
බමුණු Thursday, 13 April 2023 04:15 PM
අපි ඔබලාව ගන්නෙත් නැහැ. අපි රට කරන්නේ උඹලගේ උදවුවෙන් නොවේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

