බේරුවල හෙට්ටිමුල්ල මංසන්ධියෙ වෙළෙඳ සලක් පවත්වාගෙන යන බේරුවල ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයෙකුගේ භාර්යාවට තියුණු උල් ආයුධ කින් ඇණ බරපතළ තුවාල සිදුකර තිබෙන සැකකාර පුද්ගලයෙකු ඊයේ (7) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.
පරණ කෝන්තරයක් හේතුවෙන් මෙසේ මෙම කාන්තාවට බේරුවල හෙට්ටිමුල්ල මංසන්ධියෙ ඔහුනගේ වෙළඳසැල අසලදී සැකකරු උල් පිහියකින් ඇන තුවාල සිදුකර තිබෙන බවත් සිද්ධියට සම්බන්ධ පුද්ගලයා හෙට්ටිමුල්ල මල්ලබොක්ක ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බේරුවල පොලිසිය කියයි.
සිද්ධිය සැලවීමත් සමඟ සහකාර පොලිස් අධිකාරි දුමින්ද රාජපක්ෂ මහතා බේරුවල පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කර සිද්ධියට සම්බන්ධ සැකකරු පැය දෙකක් ඇතුලත අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේන බව කියයි .
මෙම කාන්තාවගේ පිට ප්‍රදේශයට පිහි පාරවල් එල්ල කර තිබෙන බවත් මෙ වන විට තුවාල කාරිය කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ශල්‍යකර්මයකට භාජනය කරඇතැයි පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු අද (8) දින කලුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සහකාර පොලිස් අධිකාරි දුමින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත බේරුවල පොලිස් ස්ථානාධිපති ලලිත් පත්මකුමාර, අපරාධ අංශ ස්ථානාදිපති ගයාන් ක්‍රිෂාන්ත මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ සිදුකරයි. සිද්ධියසම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
අළුත්ගම - තුසිත කුමාර ද සිල්වා