මාතලේ, තොටගමුව වෙල්යාය අසලදී ජීප් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී සිදුවූ අනතුරකින් අවුරුදු 19ක තරුණයෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අනතුරික් ජීප් රථයේ රියදුරු ඇතුළු තරුණයින් 9ක් තුවාල ලබා තිබූ අතර ඒ අතරින් එක් අයෙක් මාතලේ රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
අවුරුදු 19ක් වන තොටගමුව වත්ත, පලාපත්වල පදිංචිව සිටි තරුණයෙක් මෙ අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබුණි.
මාතලේ ප්ර දේශයෙ පාසල 2022 වර්ශයේ උසස්පෙළ විභගයට පෙනී සිටි සිසුන් පිරිසක් පලාපත්වල ප්ර දේශයේ පිහිටි හෝටලයක සංචිධානය කර තිබූ සුහද හමුවක් අවසානයේදී ආපසු එමින් සිටියදි මෙම අනතුර සිදුව තිබේ.