ජල සම්පාදන සේවකයින් මාර්තු 01 දින සිට තමන්ගේ ඉතිරි වෛද්‍ය නිවාඩු වලට ගෙවීම් අහිමි කිරීමට එරෙහිව ගෙන ගිය වෘත්තිය ක්‍රියාමාර්ගය ජයග්‍රහණයකින් අවසන් කළ බව එම වෘත්තිය සමිති සඳහන් කරයි.
බලධාරීන්ගෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබීම අනුව ඔවුන් අප්‍රේල් 04 දා සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක්ද ආරම්භ කරනු ලැබීය.
04 වන දා ආරම්භ කරන ලද වෘත්තීය යාමාර්ගයේදී සියලූ කාර්යාල සේවා සහ පාරිභෝගික සේවාවලින් ඉවත්වූ අතර ජල පොම්පාගාරවල කටයුතු පමණක් ඉටුවිය.
එදින ආරම්භ කල වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක වූ අතර අප්‍රේල් 06 දින සවස භාණ්ඩාගාරයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් ලබාදුන් ලිඛිත අනුමැතිය ලැබුණි.
ඒ අනුව ඉල්ලීම ඉටුවීම නිසා සිය වෘත්තීය ක්‍රියාමාර්ගය 07 වන දා සිට අවසන් කරන ලද බව ඔවුන් සඳහන් කරයි.