හික්කඩුව තොටගමුව මොළපු ඔයේ පාලම ආසන්නයේ අභිරහස් අයුරින් මියගොස් පාවෙමින් තිබූ විදෙස් කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (8) පස්වරුවේ සොයා ගත් බව හික්කඩුව පොලීසිය කියයි.
මේ විදෙස් කාන්තාව කුමන රටේදැයි යන්න හදුනාගෙන නැති බවද පොලීසිය කියයි.
ප්රදේශවාසීන්ගේ දැනුම් දීමකට අනුව කළපුවේ පාවෙමින් තිබූ මේ විදෙස් කාන්තාවගේ මළ සිරුර සොයා ගත් බවද පොලීසිය කියයි.
මෙම කාන්තාව කළපුවේ දිය නෑමට ගොස් මිය ගියාද නොඑසේනම් වෙනත් හේතුවකින් මිය ගියේ දැයි යන්න පිළිබදව පරීක්ෂණ කරන බවද පොලීසිය කියයි.
ඇය ලැගුම් ගෙන සිටින ස්ථානය හෝ කා සමග සිටියේ දැයි තවමත් තහවුරු වී නැති බවද පොලීසිය කියයි.
හික්කඩුව පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කරන්දෙණිය එම්.සුසිල් ප්රියන්ත සහ ගෝනපිනුවල දයා සිරිල් ධම්මික