දෙහිවල දුම්රිය ස්ථානයේදී තරුණයන් දෙදෙනකු හා තරුණියක දුම්රියේ ගැටී සිදුවූ අතුරකින් තරුණයෙක් හා තරුණියක් මියගොස ඇති අතර අනෙත් තරුණයා සුළු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. තිරිගු පිටි මිල අඩුවීමට සාපේක්ෂව මෙසේ පාන් මිලද අඩු කර තිබේ.
Read Moreඉදිරි පැය 36ක කාලය තුළ දිවයිනේ නැගෙනහිර, ඌව හා මධ්‍යම පළාත්වලත් හම්බන්තොට හා පොලොන්නරුව දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇතිවන බවත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්මවූ වැසි අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි..
Read Moreජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අද (17දා) දින සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් නිලයට උසස් කරන ලදි.
Read Moreකූඨ ලෙස සකස් කළ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාවට ඇතුළු වී ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර වෙත පළා යෑමට තැත් කළ ඉරාන ජාතික ගුවන් මගීන් දෙදෙනෙකු අද (17දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අත් අඩංගුවට ගත් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම ආපසු පිටුවහල් කිරීමට පියවර ගෙන තිබේ.
Read Moreලංකා ධීවර සංස්ථාවේ සතුව ඇති ගාලු ධීවර වරායේ පවතින අයිස් කර්මාන්ත ශාලාව දැනට වැඩ නවත්වා ඇති අතර එහි ඇති ඇමෝනියම් වායුව කාන්දු වීම පිළිසකර කර හැකි ඉක්මණින් එය ඇරබීමට අවශ්‍ය කටයුතු පිළිසකර කරන බව ඊයේ (16දා) එහි සංචාරය කළ ධීවර අමතාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා එහි සේවය කරන සේවකයන් හා ගාල්ල ධීවර සමිති නියෝජිතයින් අමතා ප්‍රකාශ කළේය.
Read Moreකාන්තාතාවකට අතරව කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක මහතා දැනට පදිංචි වී සිටින නිවසින් ඉවත් වී තනි කාමරයක් සහිත මහල් නිවසකට යාමට කළ ඉල්ලීමට සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ලැබී තිබේ.
Read Moreවිස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් දවා ලූ අවම ලකුනු සංඛ්‍යාවේ වාර්තාව අළුත් කීරීමට ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත්විය. ඒ් මෙවර තරගාවලියේ සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම ලකුනු 15 කට දවා ගනිමිනි. මෙම තරගය සිඩ්නි ක්‍රීඩාංගණයේදීම පැවැත්වීම විශේෂත්වයකි.
Read Moreඇල්පිටියේ කෝටිපති කුරුදු වයාපාරිකයකු ඝාතනය කළ අයෙකු එම ඝාතනයෙන් වසර හතර කට පසුව ඊයේ (16) රෑ ඇල්පිටිය අටකොහොට පදේශයේදී සැකපිට පශ්න කිරීමට අත් අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
Read Moreසංචාරක ක්ෂේත්රය සංවර්ධනය කරනවා වගේම මෙරට බැංකු ක්ෂේත්රය කඩා නොවැටී පවත්වාගෙන යාමටත් අපි කටයුතු කළ යුතුයි. බැංකු පද්ධතිය කඩා වැටුණොත් සංචාරකයන් අපේ රටට එන්නේ නෑ. ඒ නිසා සංචාරක ක්ෂේත්‍රයත්, බැංකු ක්ෂේත්‍රයත් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළ ආණ්ඩුව සතුව තිබෙනවා. අපි එය ඉටු කරනවා.
Read Moreසති අන්ත නිවාඩුවත් සමග කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියෙන් ශ්‍රි පාද වන්දනා කිරිමට හැටන් දුම්රිය ස්ථානය වෙත (16) දින විශාල වන්දනාකරුවන් පැමිණ සිටිහ.
Read Moreශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබඳව දිවිපාර්ෂවික ණයහිමියන් , ජාත්‍යයන්තර මුල්‍ය අරමුදල, මුදල් අමාත්‍යංශය හා ශ්‍රි ලංකා මහාබැංකු නිලධාරින් අතර 3 වන මාර්ගගත හමුව ඊයේ (15දා) පැවැති බව මුදල රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියයි.
Read Moreමිනීමැරුම් හා මත්ද්‍රව්‍ය මැඩලීම් සඳහා උපරිම ක්‍රියාමාර්ග ගන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පතිවරයා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කැඳවා උපදෙස් දෙනු ලැබිය.
Read Moreතමන්ගෙ හැගීම් පිළිබඳව මෙන්ම තම පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස සමස්ත ජනතාවගෙන් මෙන්ම මාධ්‍ය යෙන් ඉල්ලා සිටින බව ශාෆ්ටර් පවුල නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreහෝමාගම පිටිපන බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් තලාවේ ධම්මික හිමියන් මෙම මස 27දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය නියෝග කලාය .
Read Moreශ්‍රී ලංකාව සමඟ ජාත්‍යන්තර වෙළඳ ගනුදෙනුවල දී ඩොලර් සහ වෙනත් ප්‍රධාන විදෙස් මුදල් ඒකක වෙනුවට ඉන්දියානු රුපියල් මුදල් භාවිතයෙන් ගණුදෙනු කිරීම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් වොස්ට්‍රෝ ගිණුම් 5 ක් විවෘත කිරීමට ඉන්දියානු මහා බැංකුව අනුමැතිය ලබා දී ඇතැයි විදෙස් මාධ්‍යය වාර්තා කරයි.
Read Moreජාත්‍යන්තර රොටරි සංවිධානය මගින් රුපියල් මිලියන 47ක් වටිනා ඖෂධ තොගයක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත පරිත්‍යාග කර තිබේ.
Read Moreජනශක්ති සමූහයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්ඩංගුවට ගැනීම සඳහා අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
Read Moreකොල්ලුපිටියේ පසුගියදා සිදුවු රිය අනතුර සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි කෝටිපති ව්‍යාපාරිකයා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරියේය.
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට පොදු සමාව දී නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළුව ගොනු කළ පෙත්සම් 03 ක් පෙබරවාරි මස 07දා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (16දා) නියම කළේය.
Read Moreකිලෝ ග්‍රෑම් 200කට අධික බරින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග ධීවර යාත්‍රා 2ක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
Read Moreඅනතුරකට ලක්ව පියාඹන්න බැරිව බිම වැටී සිටි දුර්ළභ ගණයේ කැලෑ බස්සකු බෙරලිය ප්‍ර දේශයේදී ඊයේ (15දා) හික්කඩුව වන ජීවී කාර්යාලයේ නිලධාරීන්ට හමුව තිබේ. ලද දැනුම්දීමකට අනුව මේ සත්වයා හමුවූ බව හික්කඩුව වන ජීවී කාර්යාලය පවසයි.
Read Moreමහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී තිළිණි ප්‍රියමාලි අද (16දා) රුපියල් පනස් දහසක මුදල් සහ රුපියල් මිලියනයක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.
Read Moreදෙස් විදෙස් සංචාරකයන් සඳහා විනෝදාත්මක සේවා සපයනු ලබන නව “දියත්මා”ලෙෂර් බෝට්ටු සේවයක් බත්තරමුල්ල, දියවන්නා ඔය කේන්ද්‍ර කරගමින් ඊයේ (15දා) ආරම්භ කරනු ලැබිණ
Read Moreනව සංධානයකින් ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට ඉදිරිපත් වන බවත්, ඉදිරිපත්වන ලකුණ ඉදිරියේදී තිරණය කරන බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය හා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පවසයි
Read Moreමහ පාරේ කැළි කසළ පටවමින් තිබූ අම්බලන්ගොඩ නගර සභාවේ කුණු ටැක්ටරය මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් හප්පා නගර සභා සේවකයින්ට එම පිරිස එල්ල කරන ලද මැර පහාරයට විරෝධය පා අද (16දා) අම්බලන්ගොඩ නගර සභාවේ පවිත්‍රතා අංශයේ සේවකයින් ඇතුළු අංශ කිහිපයක් රාජකාරිවලින් බැහැරව නගර සභාව ඉදිරිපිට සිට දැවැන්ත උද්ඝෝෂණයක නිරතවී සිටියහ.
Read Moreකළුතර පාසල් සිසු සිසු සිසුවියන් පරීක්ෂා කිරීම අද උදැසන කළුතර පොලිසිය විසින් සිදුකරන ලදී .
Read Moreප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ අපරාධ දෙපාර්තමේන්තුව යටතේ සිදුකරන බව පොලිසීය පවසයි.
Read Moreකුසගින්නට පක්ෂ, පාට බේදයක් නොමැති බවත්, ඉදිරියේ දී ඇතිවිය හැකි ආහාර හිඟයට රටක් ලෙස ශක්තිමත්ව මුහුණදීම සඳහා ආහාර සුරක්ෂිතතා වැඩසටහන සාර්ථක කරගැනීමට සියලුදෙනා එක්විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව නිලධාරී මණ්ඩලයක් තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්විමට නියමිත නිලවරණය සඳහා නිලවරණ කමිටුව නම් කිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.
Read More