මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට කඩින් කඩ ඇද හැලෙන අධික වැසි සහ දැඩි සුලං තත්ත්වය හේතුවෙන් නුවරඑලිය සහ හැටන් කලාප අධ්‍යාපන කාර්යාල යටතේ පාලනය වන සියළුම පාසල් (06 සහ 07) දෙදින තාවකාලිකව වසා දැමිමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දි ඇත.
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන සියළුම පාසල් (05) දින සිට වසා දමා ඇති ඇති අතර, පාසල් වසා දමන දින ගණනට අදාලව ඉදිරි සති අන්ත වල පාසල් පැවැත්විය යුතු බව කලාප අධ්‍යක්ෂකවරුන් විසින් විදුහල්පතිවරුන්ට ලිඛිතව උපදෙස් ලබා දි ඇත.
පවතින අයහපත් කාලගුණය සහ දැඩි සුලං තත්ත්වය නිසා පාසල් පවත්වාගෙන යාමට නොහැකි බව විදුහල්පතිවරුන් විසින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් වෙත කල දැනුම් දිමක් මත කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් විසින් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් , මධ්‍යම පළාත් භාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක , මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ යන මහතුන්ගේ අනුමැතියට යටත්ව පාසල් නිවාඩු ලබා දිමට තිරණය කර ඇත.