දුවගේ රන් මාලය හා ටේලර් කාඩ්පතින් රු 18000ක් සොරා ගත් මාමා සෙයා විමර්ශන
තරුණියක් සතුව තිබූ රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනවා රන් මාලයක් සහ ටේලර් කාඩ් පතක් සොරකම් කර, එම කාඩ්පත් භාවිතා කර රුපියල් 18,000කට වැඩි මුදලක් සොරකම් කළ එම තරුණියගේ මාමා, අත්අඩංගුවට ගැනීමට ඊයේ ( 4දා) විමර්ශනයක් ආරම්භ කළ බව අනුරාධපුර පොලිසිය පවසයි.
අනුරාධපුර පොලිස් වසමේ ගමක පදිංචි 19 හැවිරිදි මෙම තරුණියගේ මව විදේශ ගත වීම හේතුවෙන් මිත්තණියගේ නිවසේ සිටින බවත්, සැකකාර මාමාද එම නිවසේ පදිංචි අයෙකු බව පොලිසිය කියයි.
පැමිණිලිකාර තරුණිය ඉකුත් දිනක රැකියා පුහුණු වැඩ සටහනකට ගොස් නැවත නිවසට පැමිණ ගෙල බැඳි රන් මාලය ලේන්සුව ඔතා සැඟවීමට යාමේදී , නිවසේ සිටි සැකකාර මාමා එක්වරම පැමිණ ඇගේ මුදල් පසුම්බිය හා රන්මාලය උදුරා ගෙන නිවසින් පිටව ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.
එම මාලය රුපියල් 195000ක් වටිනා එකක් බවත්, මුදල් පසුම්බියේ තිබූ බැංකු කාඩ්පතිිින් සැකකාර මාමා විසින් රුපියල් 18559 ක මුදලක් සොරකම් කර ඇති බවද පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය කියයි.
ප්‍රදේශයෙන් පළා ගොස් සිටින සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවත්, තදින් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී ඇති එම පුද්ගලයා මීට පෙර අවස්ථා කිහිපයක දී එම නිවසේ තිබූ වටිනා භාණ්ඩ සොරකම් කර ඒවා විකුණා දමා හෙරොයින් මත්කුඩු පානය කර ඇති බවද පොලීසිය අනාවරණය කර ගෙන තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

