කාබනික පොහොර හා රසායනික පොහොර සම සමව භාවිතා කරමින් 2022/2023 මහ කන්නයේදි අක්කරයකින් වැඩිම වී අස්වැන්නක් ලබාගත් හම්බන්තොට රිදියගම ප්‍රදේශයේ ගොවීන් සිවි දෙනෙකුට පසුගියදා ජනාධිපති සම්මානය හිමිවිය.
හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් රිදියගම ව්‍යපාරයේ "සරුකෙත" ගොවි සංවිධානය නියෝජනය කරමින් කේ.පී.ඩී.ඊ ජයසේකර මහතා අක්කරයක වී වගා කර වී බුසල් 200-215ක් ලබා ගනිමින් දිවයිනේ ප්‍රථම ස්ථානයත්,අක්කරයකින් වී බුසල් 200-215ක් ලබාගත් මාලා පරනගම මහත්මියට දෙවන ස්ථානයත්, අක්කරයකින් වී බුසල් 200-215ක් ලබාගත් ජී.අබේසිංහ මහතාට තෙවන ස්ථානයත් හිම්වු අතර අක්කරයකින් වී බුසල් 195ක් ලබාගත් මයුරපුර ගොවි සංවිධානයේ ජනක නුවන් දිසානායකට සිවි වන ස්ථානය හිමිවිය,
මෙම ගොවීන් ඒ.ටී362 වී ප්‍රභේදය අක්කරයක භුමි ප්‍රදේශයක වගා කර ඇත්තේ කාබනික පොහොර වලට මුල් තැන දෙමින් හා රසායනික පොහොරත් භාවිතා කර මහ කන්න දෙකක් වගාකර දිවයිනේ වැඩිම අස්වැන්නක් ලබා ගනිමින් ගොවීන් තිදෙනා ජනාධිපති සම්මානයට පාත්රවී ඇත.
මෙම ගොවීන් සිවිදෙනා වී වැපිරීමට පෙර බිම් සැකසීමේ සිට අස්වනු නෙළීම දක්වා අවස්ථා වලදී කාබනික පොහොර හා රසායනික පොහොර වගාවට යොදා තිබේ.
ගොවීන් සිව් දෙනාට හම්බන්තොට මහින්ද රාජපක්ෂ සම්මන්ත්රණ ශාලාවේදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සම්මාන ප්‍රධානය සිදුවිය,
මෙම අවස්ථාවට කතානායක මහින්ද යාපා අබේවර්ධන,කෘෂීකර්ම ඇමති මහින්ද අමරවීර මහතා ඇතුළු පිරිසක් සහභාගි විය.
ප්‍රසන්න පද්මසිරි
