මන්දමානසික 20 හැවිරිදි තරුණයකු අතවරයට ලක්කළ බව කියන පොලිස් සැරයන්වරයකු සහ බීමතින් කලහකාරී ලෙස හැසිරුණු පොලිස් කොස්තාපලවරයකු ඊයේ (5) අත්අඩංගුවට ගත් බව ඌවපරනගම පොලිසිය පවසයි.
අලුත්වෙල පොලිසියට අනියුක්තව සේවය කරන බබරපාන තුප්පිටිය ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පොලිස් සැරයන්වරයකු මන්දමානසික 20 හැවිරිදි තරුණයකු පැහැරගෙන ගොස් අතවරයට ලක් කිරීම යන චෝදනාව යටතේ සහ බීමතින් ඌවපරනගම පොලිසිය ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ කලහකාරී ලෙස හැසිරීමේ චෝදනාව යටතේ වැලිමඩ පොලිසියට අනියුක්තව සේවය කරන බබරපාන නිකගොල්ල දියබෝකදුර ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පොලිස් කොස්තාපලවරයකු මෙසේ අත්අඩංගුවට ගත් බවද පොලිසිය සදහන් කළේය .
අබගස්දෝව බලගල ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි මන්දමානසික තරුණයා අබගස්දෝව ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයක් නැරඹීමට ගොස් සිටියදී සැකකාර පොලිස් සැරයන්වරයා තරුණයා රැගෙන ගොස් මෙසේ තරුණයාට අතවර කර ඇතැයි පොලිසිය පැවසීය .
පසුව තරුණයාගේ ජංගම දුරකථනයේ තිබූ මෙම ජායාරූප ඔහුගේ සහෝදරයකු දැක විමසා මේ සම්බන්ධයෙන් ඌවපරනගම පොලිසියට පැමිණිලි කිරිමෙන් අනතුරුව අලුත්වෙල පොලිසියට අනියුක්තව සේවය කරන සැකකාර පොලිස් සැරයන්වරයා ඊයේ (5) අත්අඩංගුවට ගත් බවද පොලිසිය කීය .
මේ අතර සිය මිතුරා වන සැකකාර පොලිස් සැරයන්වරයා ඌවපරනගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටියදී ඔහුගේ සුවදුක් බැලීමට බීමතින් පැමිණ ඇති වැලිමඩ පොලිසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපලවරයා කලහකාරී ලෙස ඌවපරනගම පොලිසිය ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ හැසිරෙමින් සිටියදී ඊයේ (5) ඌවපරනගම පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ බවද උසස් පොලිස් නිළධාරියකු සදහන් කළේය .
මන්දමානසික තරුණයා වෛද්‍ය පරීක්ෂනයක් සදහා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත . ඌවපරනගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් සැරයන්වරයා සහ පොලිස් කොස්තාපලවරයා වැලිමඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .
ඇල්ල ප්‍රසාද් රුක්මාල්