චීනයේ ඉහළම සෞඛ්‍ය නිලධාරියෙකු පවසන්නේ මෙම ශීත සෘතුවේ දී අපේක්ෂා කරන ලද කොවිඩ් රැළි තුනෙන් තුනෙන් පළමුවැන්න මේ වන විට චීනය අත්විඳින බව තමා විශ්වාස කරන බවයි. කොවිඩ් පාලනය කිරීමට චීනය සාර්ථක ලෙස පනවා තිබූ සීමාවන් ජනතාවගේ තරමක අකමැත්ත අනුව ලිහිල් කිරිමට චීනය කටයුතු කළේය.
යුක්රේනයට එරෙහිව සටන් වදිමින් සිටින තම හමුදාවේ චිත්ත ධෛර්යය ඉහළ නැංවීම සඳහා යුද්ධයේ ඉදිරි පෙළට සංගීතඥයින් සහ ගායකයින් යොදවන බව රුසියාව පවසයි.
Read Moreසමගි ජන බලවේගයේ රජයක් යටතේ ජනාධිපති ජනාධිපති ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාම අලුයම 4 සිට රාත්‍රී 12 දක්වා කැපවීමෙන් යුතුව කටයුතු කළ යුතු බවත් රට ශක්තිමත් කොට, බංකොලොත් බවින් මුදා ගනිමින් ලක්ෂ 220 ක් වන රටේ ජනතාව දිනවීමට පියවර ගන්නා බවත් සමගි ජනබල වේගය නායක, විපක්ෂ නායක සජිත් පේමදාස මහතා ගම්පහදී පැවසීය.
Read More2021-22 මහ කන්නයේ දී වගා හානි සිදුවූ ගොවීන්ට වන්දි ලබා දීම සඳහා රජය විසින් වෙන් කර ඇති මුදල් උපයෝගී කර ගනිමින් රුපියල් මිලියන 657ක් මේ වනවිට බෙදා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් කටයුතු යොදා තිබේ.
Read Moreහංවැල්ල හරස් පාර ආපන ආපනශාලාවක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකුට නාඳුනන පුද්ගලයන් දෙදෙනකු සිදු කළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා මියගොස් ඇතැයි හංවැල්ල පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 46ක පුද්ගලයෙකි.
Read Moreලෝක කුසලාන තරගාවලි ද්විත්වයකදී දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වූ ලොව පළමු ක්‍රීඩකයා බවට ආර්ජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී පත්විය. ඒ් මෙවර ලෝක කුසලානයේදීද එම සම්මානයට හිමිකම් කියමිනි.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා නාවික පුද්ගලයන් වෙනුවෙන් පැවැත්වූ වෙරළබඩ මුර යාත්‍රා හැසිරවීමේ මූලික පාඨමාලාව සාර්ථකව නිමාවට පත් කර තිබේ.
Read Moreචීනය හා ශ්‍රී ලංකාව හොඳ මිත්රයින් බවත් රටවල් දෙකම ඒකිනෙකාට උදව් කරගෙන ඇති බවත් චීන විදේශ අමාත්‍ය වැංග් යී මහතා පැවැසිය. චීනය හා ශ්‍රී ලංකාව අතර අත්සන් කළ රබර් සහල් ගිවිසුමට අවුරුදු 70ක් පිරීම නිමිත්තෙන් ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
Read Moreමේ වසරේදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුන්කති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවා ගොස් ඇති බවත් ඉතිහාසයේ විදේශ රැකියා සඳහා වැඩිම පිරිසක් විදේශ ගතවූ වසර ලෙස මෙම වසර වාර්තා ගත වන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.
Read Moreපේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ ජේෂ්ඨ සිසුවෙකු අධික බීමතින් පැමිණ එම පීඨයේම පළමු වසරේ සිසුවෙකුට පහර දීම හේතුවෙන් එම සිසුවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බව පොලීසිය කියයි.
Read Moreඅරගලය නිසා රට ආපස්සට ගිය බවත්, අරගල කළ යුත්තේ රට හැදීමට මිස රට විනාශ කිරීමට නොවන බවත් නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
Read Moreමාතර කතරගම ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් අද(18) දහවල් වැල්ලමඩම ප්‍රදේශයේ දී පාරෙන් ඉවතට ගොස් මුහුදට වැටී අනතුරට ලක් වීමෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු තුවාල ලබා ඇති බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
Read Moreඅභිරහස් ලෙස මියගිය ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේශ් ශාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව සිසිටිවි කැමරා 42 ක පමණ දර්ශන පරික්ෂා කල බව උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය.
Read Moreචමුදිත සමරවික්‍රම මහතා දිනේෂ් ෆාශ්නර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් යූටියුබ් නාලිකාවකට ගවේෂණශිලි මාධ්‍යවේදියෙකු බව කියන මෙන්ම ගුවන් හමුදාවේ හිටපු නිලධාරීයෙකු වන කීර්ති රත්නායක මහතා සමඟ විනාඩි 40ක පමණ සම්මුඛ සාකච්ඡාවක් සිදු කිරීම මූලික කරගෙන ඔහුගෙන් ප්‍රකාශ ලබා ගත් බව එම පොලිස් නිලධාරියා කීය.
Read Moreවිශ්වවිද්‍යාල තුළ මැරයෝ ඉන්න බවට පැතිර යන ප්‍රචාරය සමාජයෙන් ගලවා ගැනීමට නොහැකි වුවහොත් සියයට අනූ පහක් පමණ නිර්දෝෂී සිසුන්ගේ අනාගතයට අභියෝගයක් එල්ල විය හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.
Read Moreඅග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක එළඹෙන 75 වැනි නිදහස් දින උත්සවයට සමගාමීව විශේෂ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදන ලෙස ඉල්ලීමක් ඇතුළත් ජනාධිපතිවරයාගේ විශේෂ ලිපියක් උන්වහන්සේලාට පිළිගැන්වීය.
Read Moreඅභිරහස් අයුරින් ඝාතනයට ලක්වූ ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබේ.
Read Moreආපනශාලාවල පාන් පිටි නිශ්පාදන, කොත්තු රොටි ඇතුළු කෑම ජාතිවල මිල අද(18) මධයම රෑ සිට රුපියල් දහයකින් අඩු කිරීමට පියවර ගන්නා බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අද (18)දහවල් ඇල්පිටියේ පැවති මාධය හමුවකදී කීවේය.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස 2020 ජුලි මස 15 වන දින සිට රාජකාරී ආරම්භ කරන ලද අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2022 දෙසැම්බර් 18 ) දින විශ්‍රාම යන ලදි.
Read Moreනීති විරෝධි ලෙස ලෙස බහුදින යාත්‍රාවකින් මැලේසියාවට පලා යමින් සිටි මියන්මාර් ජාතිකයින් 104 කට ආසන්න පිරිසක් ගමන් ගත් යාත්‍රාව ආපදාවකට ලක්ව පාවෙමින් තිබියදී 18 දින අලුයම නාවික හමුදා විසින් වෙත්තලෙයිකනි මුහුදු සිමාවෙදි අත් අඩංගුවට ගෙන ඇති බව කියයි.
Read Moreඑළඹෙන උත්සව සමයත් සමග ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති විම හමුවේ උඩරට සහ පහතරට එලවළු මිල යළිත් ඉහළ ගොස් ඇති බව එලවළු තොග සහ සිල්ලර වෙලදුන් කියා සිටියි.
Read Moreනව සන්ධානයකින් මැතිවරණයට ඉදිරිපත්වන බවත් ඒ සඳහා පක්ෂ 8 ක් සමඟ දැනටමත් සාකච්ඡා කරමින් සිටින බවත් ලකුණ ඉදිරියේදි තීරණය කරන බවත් හෙතෙම සඳහන් කළේය.
Read Moreආහාර ගැනීමෙන් අවසන් වු පසු මේසය මත වැටී තිබු ඉදුල් බත් ඇට සිසුන් මගින් දිවෙන් ඇහින්දවා දඩුවමක් දුන් බව කියන මාතර පාසලක විදුහල්පතිනිය වහාම ක්‍රියාත්මක වන පරිදි මාතර කලාප අධ්‍යාපන කාර්යාලය වෙත ස්ථාන මාරු කල බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා පැවසීය.
Read More2022 වර්ෂයට අදාළව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (18) පෙරවරු 9.30 ට ආරම්භ විය. විභාග මෂ්යස්ථාන 2894 කදී , සිසු දරු දැරියන් 334698 ක් අද දින 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙති.
Read Moreසත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වැරැදි ගණනය කිරීම් හේතුවෙන් මෙරට බිත්තර සඳහා නියමිත මිළක් පැනැවීමට නොහැකිවී ඇති බව සමස්ථ ලංකා බිත්තර වෙළඳ සංගමයේ ප්‍රධාන ලේකම් අනුරසිරි මාරසිංහ මහතා චෝදනා කළේය.
Read Moreබෙන්තොට නිවාඩු නිකේතනයක මත්ද්‍රව්‍ය භාවිත කරමින් සාදයක් පැවැත්වූ බව කියන පුද්ගලයන් 30ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
Read Moreඋදරාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් මීගමුව රෝහලට ඇතුළත් වූ කාන්තාවක් එම රෝහලේ අටවැනි මහලෙන් බිමට පැන දිවි නසාගෙන ඇතැයි පොලීසිය කියයි.
Read Moreවැල්ලම්පිටිය, කොටුවිල ප්‍ර දේශයේ කැළණි ගඟේ ඉවුරේ තිබී පුද්ගල මළ සිරුරක් ඊයේ (18දා) දහවල් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreපළමු වන දකුණු ඉන්දීය ප්‍රවීනයන්ගේ විවෘත මළළ ක්‍රීඩා ශුරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ප්‍රවීනයන්ගේ මළළ ක්‍රීඩා කණ්ඩායම පදක්කම් 144 ක් දිනා ගෙන 12/17 දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ .
Read Moreලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගැනිමට ක්‍රොයේෂියාව සමත් විය. ඒ් වෙනුවෙන් පැවති තරගයේදී මොරොක්කෝව පරදා ගෝල 2-1 ක තියුණු ජයක් හිමි කර ගැනීමට ක්‍රොයේෂියාව සමවිය. මෙම තරගය කලීෆා අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදි පැවැත්විණි.
Read More