ඉහළ කොත්මලේ ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමග ජල පහරවල් ඔස්සේ ජලාශයට විශාල ලෙස කැළි කසළ එකතුවීමේ අවධානමක් මතුව ඇතැයි උඩරට පරිසර සංගම් නියෝජිතයෝ පවසති.
මෙම ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ලැබෙන්නේ අග්‍රා හා ඇල්ජින් ඔයවල් වලින් බවත්, එම ඔයවල් දෙපසට ජනතාව විසින් අවධිමත් ලෙස බැහැර කරන කැළි කසළ මෙසේ ජලාශයට එකතු වන බවද එම නියෝජිතයෝ කියති.
ප්ලාස්ටීක්, පොලිතින්, රබර් වැනි විවිධ අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ජලාශයේ ප්‍රධාන උමං මාර්ගයේ ආරම්භක ස්ථානයේ ගොඩ ගැසී ඇති බවද එම නියෝජිතයේ සඳහන් කරති.
ජලාශයට එකතු වන මෙම කැළි කසළ වරින් වර ජලාශයේ උමං මාර්ගය අභියසදී ඉවත් කිරීමට පියවර ගන්නා බව ජලාශ භාර නිලධාරීහු කියති.
ශාන් හුලංනුගේ

