saravita-anim2

2026 ජුලි මස 28 වන අඟහරුවාදා

2026 ජුලි මස 28 වන අඟහරුවාදා

Latest News - timelapse 610 hours ago

LATEST

යුද්ධය ඉක්මනින්ම අවසන්, ඒත් මේ සතියේදී නෙමෙයි

calendar_today 2026 මාර් 10 - 07:55 remove_red_eye - 469  

ඉරානයට එරෙහි යුද්ධය ඉක්මනින් අවසන් විය හැකි බව ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ’’ බොහෝ දුරට යුද්ධය ඉතා සම්පූර්ණයි’’ ට්‍රම්ප් පැවැසිය. එක්සත් ජනපදය ’’කාලසටහනට වඩා බොහෝ ඉදිරියෙන්’’ සිටින බව ඔහු පවසන අතර, ඉරානයට ’’නාවික හමුදාවක් නැත, සන්නිවේදනයක් නැත, ඔවුන්ට ගුවන් හමුදාවක් නැත’’ යනුවෙන් ඇමෙරිකා

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 22 කින් ඉහළ දමා ඇති අතර නව මිල රු. 303 ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 24 කින් ඉහළ දමා ඇති අතර නව මිල රු. 353 ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 24 කින් ඉහළ දමා ඇති අතර නව මිල රු. 317 ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 25 කින් ඉහළ දමා ඇති අතර නව මිල රු. 365 භූමිතෙල් ලීටරයක මිල රුපියල් 13 කින් ඉහළ දමා ඇති අතර නව මිල රු. 195 කි.

Read More

ලබන අප්‍රේල් 15 වන දින සිට බලපැවැත්වෙන පරිදි, ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ගැරී කර්ස්ටන් පත් කර තිබේ.

Read More

2026 ජනවාරි මාසයට අදාළ රු. 10,000 ක ශිෂ්‍යත්ව දීමනාව හෙට(10) දින සිට අදාළ සිසුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු යොදා ඇත.

Read More

ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත්වූ මොජ්ටාබා කමේනි වෙත රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සුබ පැතූම් එක්කරමින් රුසියාව හා ඉරානය අතර සහයෝගය නැවත වරක් තහවුරු කර තිබේ.

Read More

රුපියල් මිලියන 243.8ක නීතිවිරෝධි වත්කම් ඉපැයීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා මාර්තු 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මාර්තු 8 වන දින මධ්‍යම රාත්‍රියේ පිලිපීනයේ මැනිලා නුවර නිල සංචාරයක් සඳහා පිටත්ව ගිය අතර එහිදී ඇය ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පැවැත්වෙන වැඩසටහන් සඳහා සහභාගී වනු ඇත.

Read More

ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත් කළ වර්ෂ 2022 දී මිය ගිය නැදුන්ගමුවේ විජය රාජා හස්තියා නැවත ප්‍රතිනිර්මාණය කර මාර්තු මස 11 වැනි දින සිට ජාතික කෞතුකාගාරයේ , ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේදී මහජන ප්‍රදර්ශනයට විවෘත වන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනුජා කස්තුරිආරච්චි මහත්මිය පවසයි.

Read More

බද්දෙගම ශාන්ත අන්තෝනි විදුහලේ වතුර ටැංකියක් අද (9) දහවල් කඩා වැටී සිසුන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව බද්දෙගම පොලීසිය කියයි.

Read More

හිටපු බුද්ධි ප්‍රධානී සලේ අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරය පිළිබඳ පූර්ණ දැනුවත්භාවය තිබූ බවට සාක්ෂි ලැබීම නිසයි - මහජන ආරක්ෂක අමාත්‍ය

Read More

ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත්වූ මොජ්ටාබා කමේනිගේ පත්විම ඇමෙරිකාව මෙන්ම ඊශ්‍රා යෙලය පිළිනොගනිනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි

Read More

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් මේ වසර තුල කුළුබඩු ආශ්‍රිත පොකුරු ගම්මාන 200 ක් ආරම්භ කිරීට පියවර ගෙන ඇති බවත් එම “පොකුරු ගම්මාන” වැඩසටහනේ සමාරම්භක උත්සවය මෙම මාර්තු මස 10 වන දින ආරම්භ වන බවත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.

Read More

ඉරානය සමඟ එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය උත්සන්න වීම නිසා හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නැව්ගත කිරීම් සඳහා දිගුකාලීන බාධාවක් ඇති වේ යැයි පවතින අවිනිශ්චිත තත්ත්වයත් සමග ගෝලීය තෙල් මිල බැරලයකට ඩොලර් 100 (£75.11) ට වඩා ඉහළ ගොස් තිබේ.

Read More

ඉරානය සමග ඇමෙරිකාව සිදුකරන සටනට අදාළව ඇමෙරිකාවේ හත්වැනි සෙබළාද මිය ගිය බව එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

Read More

පොල්පිතිගම පොලිස් වසමේ කිරිබමුණේගම යාය ප්‍රදේශයේදී ඊයේ (08දා) වගා ළිඳකට වැටී දරුවෙකු මියගොස් ඇති බවට පොල්පිතිගම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

Read More

1969 සැප්තැම්බර් 8 වන දින ඊසානදිග මෂාඩ් නගරයේ උපත ලැබූ මොජ්ටාබා, අලි කමේනිගේ දරුවන් හය දෙනාගෙන් දෙවැන්නා වේ. ඔහු ටෙහෙරානයේ ආගමික අලවි පාසලෙන් ද්විතීයික අධ්‍යාපනය ලැබීය.

Read More

ඉරාන උත්තරීතර සභාව විසින් තම රටේ නව අධ්‍යාත්මික නායකයා ලෙස හිටපු අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගේ පුත් මොජ්තාබා කමේනි තෝරාගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

විස්සයි20 ලෝක කුසාලන තරගාවලියේ අවසන් මහ තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායකයා මුලින්ම පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කළේය.

Read More

මාතර බන්ධනාගාරයේ සිටින රැදවියන් නව දෙනෙකු වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීමට උත්සාහ කිරීමත් සමග ඊයේ (07) රාත්‍රි කාලයේ මාතර බන්ධනාගාරය තුල ඇති වු නොසන්සුන්කාරී තත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව එහි ප්‍රකාශකයෙකු පැවසීය.

Read More

ඉරානයේ නව අධ්‍යාත්මික නායකයා තෝරා ගැනීම වෙනුවෙන් මැතිවරණය පවත්වා ඇති බවත් එහිදි නව අධ්‍යාත්මික නායකයා තේරි පත්ව ඇති බවත් ඉරාන උත්තරීත සභාවේ සාමාජික අහමඩ් අලමොල්හෝඩා පවසයි.

Read More

මෙරට කාන්තාවන්ට එරෙහිව ඉකුත් වර්ෂයේ (2025) ජනවාරි මස සිට සැප්තැම්බර් මස දක්වා වු මාස 09 ක කාලය තුලදි අපරාධ 8870ක් වාර්තාවි ඇති බැව් මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති ප්‍රගති වාර්තාවේ සදහන් වේ.

Read More

ඉරානයේ මියගිය උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ සෑම අනුප්‍රාප්තිකයෙකුම සිය ඉලක්කයක් වන බව ඊශ්‍රායල හමුදාව ඉරානයට අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් පවසයි.

Read More

නෝර්වේ වේලාවෙන් අද අලුයම දේශීය වේලාවෙන් 01:00 ට පමණ නෝර්වීජියානු අගනුවර වන ඔස්ලෝහි පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයේ පිපිරීමක් සිදුව තිබේ. මේ සම්බන්ධයෙන් විමර්ශන සඳහා නෝර්වේ ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසක් තානාපති කාර්යාලයට පිවිස තිබේ.

Read More

ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි ඉරාන නාවිකයින් අතුරින් 22 දෙනෙකු ඊයේ (07) රෝහලින් නිදහස් කළ බැව් රෝහල් අධ්‍යක්ෂක එස්.ඩි.යු.එම් රංග මහතා පවසයි.

Read More

මධ්‍යම කඳුකරයේ ජලවිදුලිබලාගාර ජලාශ පිහිටි ප්‍රදේශවලට මාසයකට වැඩි කාලයක් තිස්සේ පවතින දැඩි වියළි කාළගුණික තත්වය හේතුවෙන් මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ වල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බසිමින් පවති.

Read More

දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් විනාශයට පත් උඩරට දුම්රිය මාර්ගය කඩිනමින් සකස් කිරීම සඳහා විශ්‍රාමික දුම්රිය ඉංජිනේරුවන් ඇතුළු නිලධාරීන්ගේ සහාය ලබා ගැනීමට කටයුතු කරන ලෙස උඩරට දුම්රිය මගීහූ රජයේ වගකිවයුතු අංශවලින් ඉල්ලා සිටිති.

Read More

රට තුළ බලශක්ති සුරක්ෂිතතාවය තහවුරු කිරිම සදහා ප්‍රමාණවත් ඉන්ධන ගබඩා ධාරිතාවයක් පවත්වාගෙන යාමේ අරමුණින් ගබඩා ධාරිතාවය තවදුරටත් වර්ධනය කිරීම සදහා නව ගබඩා ටැංකි ඉදිකිරිමට සැලසුම්කොට ඇති බැව් බලශක්ති අමාත්‍යංශය පවසයි.

Read More

රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධුරන්දර සොමිපාල ටීරත්නායක මහතා ඊයේ (07) අභාවප්‍රාප්ත වි තිබෙනවා.

Read More

දකුණු පළා‌තෙත් රත්නපුර දිස්ත්‍රික්කයේත් පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක ඇතිවිය හැකි වැසි හෝ ගිගුරුම් සහිත වැසි හැරුනුවිට දිවයිනේ ප්‍රධාන වශයෙන් වියලි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඉරානයේ කාර්යබහුලම ගුවන්තොටුපළක් සහ ප්‍රධාන දේශීය මධ්‍යස්ථානයක් වන මෙහ්රාබාද් ගුවන්තොටුපළට ප්‍රහාරයක් ඒල්ල වී තිබේ. මෙම ප්‍රහාරයෙන් ගුවන් යානා ගිනිගෙන ඇති අතර විශාල දුමාර දක්නට ලැබෙන බව ඇසින් දුටු සාක්ෂිකරුවන් සමාජ මාධ්‍යවල බෙදාගත් දර්ශන උපුුුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.