2026 වසර තුළ කුළුබඩු පොකුරු ගම්මාන 200 ක් ඇරඹීමට පියවර
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් මේ වසර තුල කුළුබඩු ආශ්රිත පොකුරු ගම්මාන 200 ක් ආරම්භ කිරීට පියවර ගෙන ඇති බවත් එම “පොකුරු ගම්මාන” වැඩසටහනේ සමාරම්භක උත්සවය මෙම මාර්තු මස 10 වන දින ආරම්භ වන බවත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.
කෑගල්ල දැදිගම ප්‍රාථමික විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදි දෙ එනම් මාර්තු මස 10 වන දින පෙරවරු 10 ට මෙම සමාරම්භක උත්සවය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩි. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් වත්මන් රජය යටතේ ක්‍රියාත්මක කෙරෙන “අපනයන කෘෂිමහිම” ජාතික වැඩසටහනට සමගාමිව මෙය ක්‍රියාවට නංවන බවත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් උපුල් රණවීර මහතා පවසයි.
මෙහිදී අපනයන කෘෂිබෝග විදේශ වෙළඳපල අවශ්‍යතාවන්ට ගැලපෙන අයුරින් සැකසීම හා එහි ගුණාත්මක තත්වය උසස් අයුරින් පවත්වා ගැනීම කෙරෙහි මෙන්ම ප්‍රදේශයට ආවේණික අයුරින් කුළුබඩු නිෂ්පාදන සකස් කිරිම කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරේ. කුළුබඩු කර්මාන්තයේ නියැලෙන වගාකරුවන්, නිෂ්පාදකයන්, අපනයනකරුවන් ආදි පාර්ශවකරුවන් ඒකරාශි කොට සාමුහික කණ්ඩායම් ලෙස ගොඩ නැංවීම මෙහි තවත් අරමුණකි. ශ්‍රි ලාංකේය කුළුබඩු නිෂ්පාදනවල අනන්‍යතාවය විදේශ වෙළඳපලේ තහවුරු කර ගැනීමට මෙමඟින් අවස්ථාව සැලසෙන බවද අතිරේක අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
2026 වසර තුළදී දිවයින පුරා පොකුරු ගම්මාන 200ක් ආරම්භ කරන අතර වර්ෂ 2030 වනවිට එය ගම්මාන 500ක් දක්වා වර්ධනය කිරීමට අපේක්ෂිතය. එසේම වර්ෂ 2030 වනවිට කුළුබඩු අපනයනයෙන් ඩොලර් මිලියන 455ක ඉලක්කයක් දිනා ගැනීමේ අරමුණින් මේ වනවිට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු කරන බවද උපුල් රණවීර මහතා ප්‍රකාශ කළේය.
මෙම පොකුරු ගම්මාන වැඩසටහන යටතේ තෝරාගත් ගම්මානවල අපනයන කෘෂි නිෂ්පාදන සමිති පිහිටවා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරනු ලබන අතර නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම සහ මුලික වගා තාක්ෂණය වගාකරුවන් වෙත ලබාදීම පළමු වසර දෙක තුළදී සිදු කෙරේ. ඉන් අනතුරුව ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත් සහතිකකරණ හා අගය එකතු කළ නිෂ්පාදන කරා යොමුවීමටත් අවස්ථාව සැලසේ. විදේශ වෙළඳපල සම්බන්ධිකරණය කිරීම ඉන් අනතුරුව සිදු කරනු ලබයි.
මොහොමඩ් ආසික්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
