පොල්පිතිගම පොලිස් වසමේ කිරිබමුණේගම යාය ප්රදේශයේදී ඊයේ (08දා) වගා ළිඳකට වැටී දරුවෙකු මියගොස් ඇති බවට පොල්පිතිගම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 10 ක් වන සෙම්බුකුලිය, කැකිරාව ප්රදේශයේ පදිංචි දරුවෙකි. මියගිය ළමයා සෙල්ලම් කරමින් සිටින අවස්ථාවේ නිවස පිටුපස අනාරක්ෂිතව පිහිටි වගා ළිඳට වැටී මෙම අනතුර සිදුව ඇති බවට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. පොල්පිතිගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.