ඉරානය සමඟ එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය උත්සන්න වීම නිසා හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නැව්ගත කිරීම් සඳහා දිගුකාලීන බාධාවක් ඇති වේ යැයි පවතින අවිනිශ්චිත තත්ත්වයත් සමග ගෝලීය තෙල් මිල බැරලයකට ඩොලර් 100 (£75.11) ට වඩා ඉහළ ගොස් තිබේ.
ආසියාවේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 114.74 ක් ලෙස 24% කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති අතර, නයිමෙක්ස් ලයිට් ස්වීට් බැරලයක් ඩොලර් 114.78 ක් ලෙස 26% කින් ඉහළ ගොස් තිබෙ.
ලෝකයේ තෙල් සැපයුමෙන් පහෙන් එකක් පමණ සාමාන්‍යයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නැව්ගත කරනු ලැබේ. නමුත් සතියකට පෙර යුද්ධය ආරම්භ වූ දා සිට පටු මාර්ගය හරහා ගමනාගමනය සම්පූර්ණයෙන්ම නතර වී ඇත.
