ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත්වූ මොජ්ටාබා කමේනිගේ පත්විම ඇමෙරිකාව මෙන්ම ඊශ්‍රා යෙලය පිළි
නොගනිනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි
පසුගිය සතියේදි එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසුවේ නව ඉරාන උත්තරීතර නායකයා තෝරා
ගැනීමේදී තමාට භූමිකාවක් ඉටු කිරීමට අවශ්‍ය බවයි.
"කමේනිගේ පුත්‍රයා මට පිළිගත නොහැකිය," ට්‍රම්ප් මෙම සතිය මුලදී පැවසීය. පැය කිහිපයකට පෙර, ඔහු පැවසුවේ,
ඔහුගේ අනුමැතියකින් තොරව, බලයට පත්වන ඕනෑම අයෙකු "වැඩි කල් පවතින්නේ නැත" යනුවෙනි.
කමේනිගේ දෙවන පුත්‍රයා නව උත්තරීතර නායකයා ලෙස තහවුරු කිරීමට පෙර ඊශ්‍රායලය අනතුරු ඇඟවීමක් නිකුත්
කළේ ජීවිතක්ෂයට පත්වූ අයතුල්ලාගේ අලි කමේනිගේ "සෑම අනුප්රාප්තිකයෙකුම ලුහුබඳින" බව පවසමිනි.